සතියේ ලග්න පලාපල සවිස්තරාත්මකව

මේෂ

ශුභ අශුභ මිශ්‍ර සහිත සතියකි. උසස් ඉගෙනීමට සුබ කාලයකි. උපන් නිවස තුළ නම් කලකිරීම් සහිත වේ. ඉක්මන් කේන්තිය හේතුවෙන් කටයුතු අවුල් සහගත වේ. සමාජයේ කැපී පෙනෙන චරිතයකි. තද සිත් පහළ වේ. සැපෙන් ජීවත් වීමට ඇති ඉඩකඩ සීමා වේ. හිත කය දෙක එකවර කඩිසර වේ. ඇවිදිලි අධික වේ. හීනෙන් ඇවිදින ස්වභාවයක් පවතී. මුදල් ජීවිතය මෙන් සලකා කටයුතු කරයි. ජීවිතය කලකිරීම් ඇති වේ. අභ්‍යන්තර දුර්වලවීමේ රෝග සාදයි.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු සහ නිල්
සුබ අංක – 1, 2, 4, 5, 7, 9
සුබ මැණික් – රතු, කොරල්, රතු මැණික්

වෘෂභ
මිශ්‍ර ශුභ අශුභ පල සහිත වේ. මව්පිය හිතවතුන්ගේ සහාය ලැබේ. කරන කටයුතුවලින් නිසි පල ලැබේ. චංචල ගති ඇතිවේ. ආගමික භක්තිය වර්ධනය වේ. ස්ත්‍රී පාර්ශ්වය පිළිබඳ නිරතුරුව සිතුවිලි ඇති වේ. උසස් ඉගෙනීම ලබයි. සොහොයුරන්ට යහපත් වේ. දීර්ඝ ගමන් බිමන්වලට හේතු වේ. දිනුම ඇති ක්‍රීඩාවන්ට සිත් වේ. ක්‍රීඩාවන්ට සිත යොමු වේ. නින්දා අපහාස විඳීමට සිදු වේ. ලිංගාශ්‍රිත රෝග සඳහා හේතු වේ.

සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

මිථුන
මිශ්‍රපල සහිත වේ. චංචල ගති ඇති වේ. ලෞකික සැප සම්පත් ලැබේ. සිත් අවුල් වීමට කරුණු ඇති වේ. දියුණුව පිණිස විදේශ සංචාර පමුණුවයි. මතෛක් පැවති ක්‍රියාවන් වෙනස් අතට හැරේ. ඇවිදීම් බහුල වේ. දෙමව්පියන්ට හිතැති වේ. නිශ්ඵල වියදම් ඇති වේ.
බ්‍රෝකර් කටයුතු තුළින් ලාභ ලැබේ. යහපත් විශ්වාසී සිත් ඇතිවේ. අඹු දරුවන්ට සිතැති වේ. උදරාබාධයන්ට හේතු වේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ, කහ
සුබ අංකය – 3, 5
සුබ මැණික් – පච්ච

කටක ලග්නය
මිශ්‍රපල සහිත වේ. සිත් දූෂ්‍ය වන කරුණුවලට හේතුයි. සහෝදර සහෝදරියන්ට සුබ වේ. තමාගේ අතට හරවාගත් වාසි කටයුතුවලට හේතු වේ. කූට ඥානය වර්ධනය වේ. අන් අයගේ දුක් කරදරවලදී දුක් වේ. කතා බහුල වේ. ඇස් රෝග සාදයි.
සැප මානය අඩු කරයි. මව් පාර්ශ්වයේ සහයෝග ලැබේ. කැලලි සහිත තුවාලයක් සාදයි. බඩේ වාතය පුරවාලෑමේ රෝග සහිත වේ.

සුබ දවස් – ඉරිදා, සඳුදා,
අඟහරුවාදා, අඟහරුවාදා, සිකුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්
සුබ අංකය – 2, 7, 9
සුබ මැණික් – මුතු

සිංහ ලග්නය
ඉතා සුභපල සහිත වේ. ස්ව උත්සාහයෙන් ජය ලබාගනී. ධෛර්යවන්ත වේ. අරිටු යෝග භංග වේ. යහපතද සෞම්‍ය ගුණද ඇති වේ. සමාජයේ කැපී පෙනෙන පුද්ගලයකු වේ. පියාට ශුභ වේ. පාලකයකු වේ. මොනම කටයුත්තකදීවත් පසුබට නොවේ. අධික ආර්ථික බර ඇති වේ. කිසිවකුට යටත් නොවේ. උෂ්ණ අධික රෝග සෑදීමට ඉඩකඩ පවතී. පීනස් රෝගවලටද හේතු වේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 4
සුබ මැණික් – පද්මරාග

කන්‍යා ලග්නය
මිශ්‍රඵල සහිත වේ. නිශ්ඵල වියදම් සහිත වේ. පුණ්‍ය කටයුතු සඳහා සිත් ඇතිවේ. ඇවිදිලි අධික වේ. මව් පාර්ශ්වයේ ඥාතීන්ගෙන් උදව් ලැබේ.
දිනුම් සහිත ක්‍රීඩාවන්ට සිත් යොමුවේ. ශුඛ භෝගී වේ. ආගිය තැන සැප ලැබේ.
උසස් මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ.
මිතුරන්ට රැවටීමටත් බොහෝ විට ඒ ඔස්සේ පාඩු විඳීමටත් සිදුවේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ
සුබ අංකය – 2, 3, 5, 7
සුබ මැණික් – පච්ච, ගෝමේද

තුලා ලග්නය
මිශ්‍රපල සහිත වේ. නිරෝගී වේ. සියලු කාර්යයන්ගේ සඵල භාවයක් ගෙනදේ. මිතුරන්ගෙන් උදව් ලැබේ. උසස් අයගෙන් වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. ලෞකික සැප දියුණුවට ළඟා වේ. කතාව සාරවත් වේ. අඩු වැඩි වී නමුත් අතෙහි මුදල් ගැවසේ. උගුරේ සෙම් ගෙඩි ගලපටල රෝගවලට හේතු වේ. යහපත් සහෝදර සහෝදරියන් ලැබේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය
මිසපල සතියකි. දුරදිග බලා කටයුතු කරයි. බිය උපදවන වැඩි ප්‍රවේශම් ගති ඇතිවේ. විපතේදී ඉතා ඉවසිලිවන්ත වේ. තද සිත් ඇතිව කටයුතු කරයි.
යටත්කර ගැනීමට කා හටවත් නොහැකි වේ. මූත්‍රා ආසාදනයන්ට හේතු වේ.
මත්පැන් ප්‍රිය කරයි.
කලකෝලාහලයන්ට ප්‍රිය වේ.
කිට්ටු ඥාතියකුගේ කරදරයකට තමාටද උරදෙන්න සිදුවේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 2, 4, 5, 7
සුබ මැණික් – රතු මැණික්, කොරල්

ධනු ලග්නය
මිශ්‍රපල ගෙන දේ. ප්‍රිය උපදවන මුහුණ වේ. එහෙත් අධික කේන්තිය වර්ධනය වේ. ගතිගුණ චංචල වේ. සැප සම්පත් ලැබේ. කතාවෙහි සාරවත් වේ. ශබ්ද නගා කතා කරයි.
යුක්ති සහගත වේ. සුළු කාලය තුළ ධනය රැස් කරයි. සකසුරුවමින් කටයුතු කරයි. ස්ථිර දේට මිල මුදල් යොදවා ලාභ ලබයි. පපුවේ සෙම් රෝග සාදයි.

සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – කහ
සුබ අංකය – 3, 5, 6, 8
සුබ මැණික් – පුෂ්පරාග

මකර ලග්නය
මිශ්‍රපල සහිත වේ. ප්‍රිය උපදවන ක්‍රියාවන්හි නියැළේ. කොයි කාටත් හිතැති වේ. කතාව අධික වේ.
ධෛර්යවන්ත වේ. නිදහස උදෙසා සටන් කර ජය ලබයි.
ආශාවෙන් ධනය රැස් කරයි. අනතුරුවලින් හිසේ තුවාල සිදුවීමට ඉඩ ඇත.
වැඩිහිටියන්ට ගරු කරයි. පියාගේ තත්ත්වයද වැඩිදියුණු වේ. පීනස වැනි රෝග සෑදීමට ඉඩ ඇත.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – නිල්
සුබ අංකය – 6, 8, 9
සුබ මැණික් – නිල් මැණික්

කුම්භ ලග්නය
මිශ්‍රපල සහිතයි. මිතුරන් අඩු වේ. සහෝදරයන්ට අපල වේ. රෝගීන්ට උපස්ථාන කරයි. සූදුවට සිත් යොමුවේ. මුදල් ඉපැයීමට නොයෙක් දේ කරයි. කරන දෙයින් ලාභ ලබයි. මනා හික්මීමෙන් කටයුතු කරයි. බාහිර සැප කොතෙක් වින්දත් හිතේ සතුටක් නොවේ. දරුවන්ට අපල වේ. පිට දේශයන්හි සංචාර කරයි. අනවශ්‍ය බැඳීම් ඇතිකර ගනී. වාත රෝග සාදයි. සර්ප දෂ්ටනය හෝ දියේ ගිලීමක් විය හැකිය.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා,
සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු, නිල්
සුබ අංකය – 3, 8, 9
සුබ මැණික් – කාක නිල්

මීන ලග්නය
මිශ්‍රපල සහිත වේ. ධනය ඉපැයීමට හැකි රැකියාවක් කරයි. අධික කාමභෝගී වෙයි. මුදල් යහමින් ලැබේ. සැරපරුෂ කලත්‍රයෙකි. උසස් ඉගෙනීමට යහපත් වේ. ගුණවත් වේ. සියල්ලෝ තමනට පක්ෂපාතී වෙති ඇවිදිලි අඩු වේ. තද සතුරන් හෝ මිතුරන් නැත. ස්වකීය කටයුතු මැනවින් ඉටු කරයි. අලස නොවී වැඩ කරයි. වණ රෝග හෝ කුෂ්ට රෝග සාදයි. පාපකාරී රහස් කටයුතුවලට සිත යොමු කෙරේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු, කහ
සුබ අංකය – 3, 9
සුබ මැණික් – පුෂ්පරාග, වෛරෝඩී



© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.