සතියේ ලග්න පලාපල සවිස්තරාත්මකව

මේෂ ලග්නය

මිල මුදල් ලැබිම අතින් යහපත් වේ. විවිධ මාර්ග ඔස්සේ මුදල් උපයයි. මිත්‍රාදීන්ගේ කරදරයකට මැදිහත් වෙයි. ඥාතීන්ගෙන් උපකාර නොලැබේ. ඔවුන් හා ගැටලු ඇතිකර ගනී. හොඳ හෝ නරක අතින් ප්‍රකට වේ. කලත්‍රයා සමග සුළු ගැටුම් ඇතිකර ගනී. සෘජුව කතා කරයි. ව්‍යාපාර තුළින් ලාභ ලැබේ. ගෘහ ජීවිතය යහපත් වේ. උදාර ගුණ ඇතිවේ. ස්වඋත්සාහයෙන් උපයාගත් දෙයින් සැප විඳී. පිට දේශයන්හි ඇවිදිලි වේ. පතිවෘත්තාව ආරක්ෂා කරයි. උෂ්ණ රෝග ඇතිවීමට පුළුවන.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු සහ නිල්
සුබ අංක – 1, 2, 4, 5, 7, 9
සුබ මැණික් – රතු, කොරල්, රතු මැණික්

වෘෂභ
වෘෂභ ලග්නය කතා බහුල වේ. ඇස් පෙනීම අඩුවේ. ආගමික භක්තිමත් වේ. වැඩිහිටියන්ට හිතවත් වේ. විදේශ සංචාර සඳහා හේතු වේ. දීර්ඝ ගමන්වලදී අනතුරුවලට භාජනය වියහැක. සොහොයුරන්ට යහපති. ලෙහෙසියෙන් රෝග බෝවේ. සොයුරු සොයුරියන්ගේ ගරු සම්මානයට භාජනය වේ. නින්දා අපහාසවලට මුහුණ දීමට සිදුවේ. අන්ධ භක්තිය වඩවයි. විවාහය ඉක්මන් වේ. පුරුෂ වීර්යය ඇතිවේ. බාහිර සැපයන්ගෙන් තෘප්තිමත් නොවේ. උසස්, ආඩම්බර ගුණ ඇතිවේ. පහත් ක්‍රියා නොකරයි.

සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

මිථුන
පිබිදුණු ගතියක් ඇතිවේ. උෂාණාධික වේ. ආඩම්බරකාර හැඟුම් ඇතිවේ. විටෙක ජීවිතයේ කලකිරුණු ස්වභාවයක් ඇතිවේ. හදිසි අනතුරු සඳහා හේතු වේ. නිශ්ඵල කතා හේතුවෙන් ගැටලු ඇතිකර ගනී. මුදල් ලැබිම අතින් බාධා ඇතිවේ. කාලත්‍රයා රෝගී වේ. නිවසේ සමගිය ආරක්ෂා වේ. මුහුණේ කුරුලෑ හෝ පලුදු ඇති කරයි. පවුලට හිතැති වේ. ධර්මයට ප්‍රිය වේ. ‍පොළොවෙන් ලැබෙන දේට වාසනාව වේ. අධික වියදම් ඇතිවේ. ස්වකීය ධෛර්යයෙන් කටයුතු කරයි. පහත් ක්‍රියාවන්ට යොමු නොවේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ, කහ
සුබ අංකය – 3, 5
සුබ මැණික් – පච්ච

කටක ලග්නය
කටක කාර්යබහුල වේ. කරන දෙයින් උපරිම පල නොලැබේ. අධික වෙහෙසකාරී බවක් දැනේ. නිශ්ඵල ගමන් යෙදේ. අමතක වීමේ තත්ත්වය වැඩිය. ගෞරවය රැකගනී. මානය වැඩිවේ. ස්වකීය ධෛර්යයෙන් කටයුතු කරයි. අනුන්ට සංග්‍රහ කිරීමට ධනය වැයවේ. සභාවේදී කතාව අඩුවේ. දරුවන්ගෙන් සැප ලැබේ. නිතර කේන්ති සහගත වේ. කම්සැප මඳ වේ. දුකින් කාලය ගත කරයි. සර්පයන්ගෙන් හෝ ජලයෙන් මාරක විය හැක. රෝගී කාරකත්වය සහිත අපල කාලයකි. ප්‍රවේශම් විය යුතුයි.

සුබ දවස් – ඉරිදා, සඳුදා,
අඟහරුවාදා, අඟහරුවාදා, සිකුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්
සුබ අංකය – 2, 7, 9
සුබ මැණික් – මුතු

සිංහ ලග්නය
සිංහ යහපත් මිතුරන් ලැබේ. ඔවුන්ගෙන් උදව් ලැබේ. වැඩිහිටියන්ගෙන් උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. වැඩිපුර බඩේ අමාරු සාදයි. ආහාර අරුචිය ඇතිවේ. පැණිරස කෑමට ආශා වේ. සතුරන් මර්දනය වේ. පිරිසිදු සිත වේ. කාන්තාවක් නම් ගබ්සාවීම්, ශුද්ධ වීම් රෝග, අසීරු දරු ප්‍රසූති ආදියට හේතු වේ. වියදම් අධික වේ. පිට රටවල ඇවිද්දවයි. සිත් කරදර උපදවයි. පහසුවෙන් රෝග බෝවේ. හොර රහසේ අකටයුතුකම්වලට පෙලඹේ. නිකරුණේ ලස්සන සඳහා වියදම් කරයි.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 4
සුබ මැණික් – පද්මරාග

කන්‍යා ලග්නය
කන්‍යා බලසම්පන්න වේ. රැකියාවේ කටයුතු සතුටින් ඉටු කරයි. දිනුම් සහිත ක්‍රීඩාවන්ට සිත් වේ. බඩේ ආමාශයේ තෙත් සහිත රෝග සාදයි. රහස් අසනීපවලට ගොදුරු වේ. ප්‍රීති සහගත දේට වැඩි වියදම් කර මුදල්ද නාස්ති කරගනී. උසස් මිතුරන්ගෙන් උදව් ලැබේ. රැවටීමට හසුවීමට ඉඩ ඇත. තර්කානුකූල ඥානාන්විත වචන කතා කරයි. පවුලට හිතැති වේ. වැඩි මහන්සියක් නොමැතිව ආදායම් උපයයි. විශ්වාසය කඩ නොකරයි. පපුවේ වාත රෝග හට ගැනීමට හේතු වේ. දුක, සැප එක සේ විඳීමට හැකි වේ.
සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ
සුබ අංකය – 2, 3, 5, 7
සුබ මැණික් – පච්ච, ගෝමේද

තුලා ලග්නය
තුලා ශරීරය නිරෝගී කරයි. තියුණු ඥානය වර්ධනය වේ. දේශාන්තර සංචාර ඇතිවේ. පවු‍ලේ නම ඉහළින් තබාගනී. යන යන තැන සැප ලැබේ. පපුවේ සෙම් රෝග සාදයි. මව්පිය පාර්ශ්වයේ දේ‍පොළ නාස්ති කරයි. ඉතා තද මුරණ්ඩු හිතක් ඇතිවේ. වාග් ශක්තිය වර්ධනය වේ. ඉන්ද්‍රියන් දමනය කර යහපත් දිවියක් ගත කරයි. බර වැඩ කටයුතු නොලැබේ. සහෝදර නෑදෑයන් විරුද්ධ කරගනී. සතුරන් නසා ජය ලබාගනී. මව්පියන්ට හොඳ නැත. එකම කාර්යය බොහෝ කාලයක් කිරීමට ඉඩ නොලැබේ.
සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය
වෘශ්චික ආදායම් හීන වේ. යහපත් කලාත්‍රයෙක් ලැබේ. සතුරන් පරාජය වේ. පියාට හිතවත් වේ. දුක් කරදර සහිත ගමන් බිමන් යෙදේ. පිටරටක වුවද කරදරකාරී කාලසීමාවකි. නඩු හබ පැට‍ලේ. ඒවාට වියදම් කිරීමට සිදුවේ. රෝගීන්ට හෝ දුර්වලයන්ට ඇප උපස්ථාන කරන්නකු වේ. මුදල් ඉතිරි කිරීමට නොහැකි වේ. වැඩිහිටියන්ට ගරුසරු නොකරයි. තම කාර්යයන් කෙසේ හෝ සඵල කරගනී. සහෝදරයන්ට හිතවත් නොවේ. දූකෙළියට සිත් වේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 2, 4, 5, 7
සුබ මැණික් – රතු මැණික්, කොරල්

ධනු ලග්නය
ධනු රූප ශෝභාව වර්ධනය වේ. වීර්යවන්ත වේ. කලාත්‍රයා සමග වාද විවාද ඇතිකර ගැනීම හේතුවෙන් නිවසේ සාමයට බාධා ඇතිවේ. මලබද්ධය ඇතිවේ. හවුල් කටයුතු සඳහා සුබ නැත. කතාවෙහි සාරවත් බවක් ඇතිවේ. උගුරේ සෙම් රෝග සාදයි. ඉතා ප්‍රිය මුහුණ වේ. වියදම් කිරීමේදී ගණන් හිලව් නොබලයි. වචනයන් බලවත් වේ. පවුලට හිතවත් වේ. ඔබගේ වචනවලට කවුරුත් යටත් වෙති. දුප්පතා වුවත් අඩුකමක් නොදැනේ. යෙදෙන වෘත්තියෙන් ලාභ ලැබේ.

සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – කහ
සුබ අංකය – 3, 5, 6, 8
සුබ මැණික් – පුෂ්පරාග

මකර ලග්නය
මකර නිර්භීතව ඉදිරියට යන ගතිය, ශරීර සෞඛ්‍ය සම්පන්න ශක්තිමත් කෙනකු වේ. ක්‍රීඩාවලින් ප්‍රීති වීමට ආශා කරයි. දිනීම් කටයුතුවලදී ඉතා දක්ෂ වේ. ගමන්වලින් යහපත් ප්‍රතිඵල ලැබේ. මත්පැන්, අනියම් ඇසුරු නිසා විනාශ වීමට ඉඩ ඇත. භාර්යාවට අපල වේ. දූකෙළියට ලොල් වේ.ධනය රහිත වුවත් බලසම්පන්න වේ. සැප ලබයි. තරමක් සැරපරුෂ භාර්යාවක් ලැබේ. පියාගේ ධනය ලැබේ. දරුවන්ගෙන් සැප ලබයි. රෝග පීඩාවන්ට ගොදුරු විය හැක. ශක්තිමත්ව සිටියහොත් ඉන් වැළකිය හැක.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – නිල්
සුබ අංකය – 6, 8, 9
සුබ මැණික් – නිල් මැණික්

කුම්භ ලග්නය
කුම්භ කරන ක්‍රියාවන්ගෙන් පල ලැබේ. පවුලට හිතවත් වේ. මනා හික්මුණු බවක් ඇතිවේ. බාහිර සැප කොතෙක් වින්දත් හිතට මදි වේ. රහසේ පවට පෙළඹෙයි. දරුවන් තමාට විරුද්ධ වෙයි. ගුණවතුන්ට වැඩිහිටියන්ට අපහාස කරයි. පවට ආශා කරන අතර සතුන් මැරීමට පෙළඹෙයි. නිතර සතුටින් ගත කරයි. ඉක්මනින් රෝග බෝවේ. ආගමික භක්තිය අඩුවේ. පියාට අපල වේ. සතුරන්ගෙන් පීඩා ලබයි. සැප හීන වේ. දුක් සහිත වැඩපළ යෙදේ. පිය පාර්ශ්වයේ ඥාතීන් සමග හබ ඇතිකර ගනී. දරුණු තුවාලයක් හටගැනීමට හේතු වේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු, නිල්
සුබ අංකය – 3, 8, 9
සුබ මැණික් – කාක නිල්

මීන ලග්නය
මීන මිතුරන් ඇතිවේ. ස්ත්‍රී පාර්ශ්වයේ අධාර උපකාර ලැබේ. ‍පොළොවෙන් ලැබෙන ආධාර උපකාර ලැබේ. ‍පොළොවෙන් ලැබෙන සම්පත්වලට හේතු වේ. වැවිලි සඳහා යහපත් වේ. දරුවන්ට සිත් වේ. විනෝදයට සිත් යොමුවේ. මව්පිය ඥාතීන්ගේ ආදරය ලැබේ. පවට හිත් වී නපුරු අදහස් ඇතිවේ. නීති ප්‍රශ්නවලට පැටලීමට ඉඩ පවතී. අධික කාමභෝගී වේ. කලාත්‍රයා සැරපරුෂ වේ. ධනයෙන් හිඟ පාඩු නොවේ. දරුණු සිත් ඇතිවේ. නිතරම හිත ක්‍රෝධයෙන් පවතී. පුරුෂ වීර්යය ඇති සියලු ගුණයෙන් මානය රැකගනී.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු, කහ
සුබ අංකය – 3, 9
සුබ මැණික් – පුෂ්පරාග, වෛරෝඩී

‍ජ්‍යොර්තිවේදිනී
අයිරංගි එදිරිසිංහ
© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.