හාට්‌ ඇටෑක්‌ එකක්‌ එනවිට හරියටම පපුව රිදෙන තැන මෙන්න

ප්‍රශ්නය - අපගේ පාඨකයන් රැසක්‌ පසුගියදා දුරකථනය ඔස්‌සේ අපට ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කරනවා. ඒ තමයි හෘදයාබාධයක්‌ හැදීගෙන එන විට හරියටම පපුවෙ රිදෙන තැන කොතැනද කියන එක.


වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - හෘදයාබාධයක්‌ වැළඳෙන්න පපුව රිදෙනවානම් පපුවේ හරි මැද තමයි රිදෙන්න පටන් ගන්නෙ. එහෙත් පපුව රිදීම දෙවැනි තැනට දාල සිරුරේ වෙන තැනක වේදනා දීල හෘදයාබාධය හැදෙන අවස්‌ථා තිබෙනවා. එනම් දෙඅත්, කොන්ද, හකු, ගෙල, උදරය වැනි තැන් රිදෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් වේදනාව අධික වන අතර වේගයෙන් හුස්‌ම වැටෙන්නට පටන් ගන්නවා. ඇඟ සීතල කරලා ඔක්‌කාරය ඇති වෙනවා. අධික මහන්සියක්‌ සහ කරකැවිල්ලක්‌ එනවා. මේ රෝග ලක්‍ෂණ ක්‍රමයෙන් වැඩි වෙමින් විනාඩි පහක කාලයක්‌ එක දිගට තිබෙනවා නම් වහාම වෛද්‍යවරයකු වෙත යා යුතුයි.

ප්‍රශ්නය - මේ වේදනා එන්නෙ හෘදයාබාධයට විතරද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - වෙනත් හදිසි රෝගී තත්ත්වයකටත් ඇති වෙන්න පුළුවන්. බඩ රිදෙනවානම් ඒ ගැස්‌ට්‍රයිටීස්‌ නිසා වෙන්නට පුළුවන්. පපුව ඇතුළේ කුඩා විදුලි සරයක්‌ වදිනවා වගේ දැනෙනවා නම් එයට හේතුව පපුවේ ඉල ඇට සමග සම්බන්ධ මාංශමය කොටසේ හටගත් තුවාලයක්‌, ප්‍රදාහයක්‌, ස්‌නායු තුවාල වීමක්‌ වෙන්නට පුළුවන්. පපුවෙ ඇතුළෙ ඉදිකටුවලින් අනිනවා වගේ දැනෙනවා නම් එයට හේතුව පෙණහලු ආබාධයක්‌ වෙන්න පුළුවන්. හැබැයි රෝගියාට කියන්න පුළුවන්කමක්‌ නැහැ මේ වේදනාව එන්නේ කවර රෝගයක්‌ නිසාද කියලා. ඒ නිසා හොඳම දේ තමයි සුදුසු වෛද්‍යවරයකු හමුවීම. එවිට හෘදයාබාධයක්‌ නම් එයට බෙහෙත් අරන් පණ බේරා ගන්න පුළුවන්. එහෙම නැතිව වෙන ලෙඩක්‌ නම් ඒකට බෙහෙත් ගන්න පුළුවන්.

ප්‍රශ්නය - ඔබේ සාම්ප්‍රදායික දේශීය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එන අයට ඔබ ප්‍රතිකාර පටන් ගන්නෙ කොතැනින්ද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මුලින්ම කට පරිස්‌සම් කරගන්නා ලෙස උපදෙස්‌ දෙනවා. රෝගියාට තෙල් සහ කැල්සියම් බහුල ආහාර ගැනීම තහනම්. මොකද, හදවතට ලේ ගෙනයන නාලවල කැල්සියම් බැඳී අවහිර වෙනවා. තෙල් බැඳිලාත් අවහිර වෙනවා. ඉතින් අප මුලින්ම කළ යුත්තේ මේ තත්ත්වය වර්ධනය වීම වළක්‌වා ගැනීමයි.


නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.