නවසීලන්තයේ සිටි ශ්‍රීලංකික පවුලක් පිටුවහල් කරන්න යයි


නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලංකේය පවුලක් මවට වැළඳුනු රෝගයක් නිසා එරටින් පිටුවහල් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ශාම් සහ දිනේෂා යන මෙම අඹුසැමි  යුවළට පිරිමි දරුවන් තිදෙනකු ද වේ.

මෙම පවුල පසුගිය වසර 8ක් තිස්සේ නවසීලන්තයේ ජීවත් වී ඇති අතර දිනේෂා ක්වින්ලන්ඩ් හී හෝටලයක සූපවේදිනියක ලෙස සේවය කරයි.

දිනේෂාට වැළඳුනු රෝගයක් නිසා එරට තව දුරටත් රැඳී සිටීම සඳහා වීසා දීර්ග නොකිරීමට ගත් තීරණයක් නිසා එළැඹෙන 21 වැනිදා එම පවුල නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට නියමිතව ඇත.

මේ අතර මෙම පවුල පිටුවහල් කිරීමෙන් වලකින ලෙස එරට ලුතා සවුත්ලන්ඩ් ප්‍රාන්තයේ මන්ත්‍රීවරයකු වන හමිෂ් වෝකර් එරට ආගමන සහ විගමන ඇමැතිවරයාට ලිපියක් ලියා ඇත.මෙම පවුල පිටුවහල් කිරීමෙන් වලකින ලෙස හා ඔවුනට රුකියාව කළ හැක වන පරිදි තාවකාලික වීසා ලබා දෙන ලෙස ඔහු මේ ලිපියෙන් ඉල්ලා ඇත.

© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.