ලෙඩරෝග නැතුව ආයුෂ වැඩි කරගන්න මේ කෑම වර්ග 5 අහාරයට ගන්න

අප සෑමදෙනාගේම පොදු බලාපොරොත්තුවක් වන්නේ ලෙඩරෝග වලින් තොර ජිවිතයක් ගතකිරීමයි.ඔබ දිනපතා ව්‍යායාම වල යෙදෙන පුද්ගලයෙක් නම් එම බලාපොරොත්තුව බොහෝ දුරට සාර්ථක වන බව ඔබ නොදන්නවා වන්නට පුළුවන්.

ශරීරය තුල විවිධ ලෙඩරෝග ඇතිවීමට ප්‍රධාන වන කරුණු කිහිපයක්ම තිබෙනවා.ඒ අතරින් ප්‍රධාන වන කරුණක් ලෙස අප ලබා ගන්නා ආහාර හැදින්වීමට පුළුවන්.සෞඛ්‍ය හිතකර ආහාර ඔබ විසින් කෑමට එක්කරගත් විට ලෙඩරෝග වලින් ආරක්ෂාවී ආයුෂ වැඩිකරගන්නත් පුළුවන්.

අප මුතුන්මිත්තන් අතීතයේ සිටම ආහාරයට එක්කරගත්තේ ස්වභාවික එළවලු සහ පලතුරු පමණයි. ඒවායේ අතුරුපලයක් ලෙස ඔවුන්ගේ ආයු කාලය අද සමාජයේ මිනිසුන් සමග සැසදීමේදී පහැදිලි වෙනසක් දැකගැනීමට පුළුවන්.අද අප ඔබව දැනුවත් කරනු ලබන්නේ ලෙඩරෝග වලින් ආරක්ෂාවී ඔබගේ ආයුෂ වැඩි කරගන්න පුළුවන් ආහාර කිහිපයක් පිලිබදවයි.

ඇට වර්ග.

ඔබගේ ශරීරයට අවශ්‍ය ඛණිජ ලවන, මිනරල් හා ඔමේගා 03 මේද අම්ල, විටමින් E හා කැල්සියම් වර්ග ලබා ගැනීමට නම් කජු, කඩල, රටකජු, මෙනේරි, කොට්ටම්බා වැනි ඇට වර්ග ආහාරයට ගන්න. එමගින් හෘද රෝග දියවැඩියාව වලක්වා සිරුරේ සමබරතාවයද පවත්වාගෙන යාමට පුළුවන්.

ළුණු වර්ග.

ඔබ නොදැන සිටියත් රතු ලූණු, සුදු ලූණූ හා ලීක්ස් අනුභව කිරීමෙන් හෘදරෝග වලක්වා ප්‍රතිශක්තිකරණය පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය ඇති කරගැනීමට පුළුවන්. පුරස්ථි ඉන්ද්‍රයේ පිළිකා හා මහාන්ත්‍රයේ පිළිකා, ගෑස්ට්‍රයිටීස් වැනි ආබාධ වලටත් ළුණු වර්ග උපකාරී වනවා. එමෙන්ම රතුලූණු වල අන්තර්ගත කුවෙසටින් නම් සංයෝගය හේතුවෙන් පටක වර්ධනය, පිළිකා වර්ධක සෛල විනාශ වීමද සිදුවනවා.

කොළ පැහැති එළවළු.

ඔබ දිනපතා ලබාගන්නා ආහාර වේලට ගෝවා, බෝංචි, මෑ කරල්, කරවිල, වැටකොළු, පතෝල, ලීක්ස් යන ආහාර වලින් එකක් හෝ ආහාරයට ගැනීමට පුරුදු වන්න. එසේ කිරීම මගින් සිරුරේ සමබරතාවය, දියවැඩියා මර්ධනය, රුධිරවාහිනී ආරක්ෂාවීම, ඇස් පෙනීමේ වර්ධනයවීම සිදුවනවා.

හතු වර්ග.

ඔබත් හතු ආහාරයට ගන්නවා නම් හතුවල අන්තර්ගත රසායන සංයෝග ඊස්ට්‍රජන් නිෂ්පාදනය අවහිර කරන අතර එය පියයුරු පිළිකා මැඩලීමට හේතු වනවා. ප්‍රතිශක්තීකරණය වර්ධනය, DNA විනාශ වීම වැලැක්වීම, පිළිකා සෛල විනාශ කිරිමද සිදු කරනු ලබනවා.

ධාන්‍ය වර්ග.

මුං ඇට, කවුපි, කඩල වැනි ධන්‍ය සතියකට දෙවරක් පමණ ඔබ විසින් කෑමට ගන්නවා නම් ආහාර ජීර්ණය ක්‍රමවත් වීම, ක්ලොස්ටරෝල් මර්ධනයවීම, මුඛයේ, බඩවැල් වල හා මහන්ත්‍ර වකුගඩු පිළිකා ඇතිවීම 50% කින් අවම කරගැනීමට පුළුවන්.

ලෙඩරෝග වලින් ආරකෂාවී ආයුෂ වැඩි කරගැනීමට සදහා කෑමට ගතයුතු මෙම ආහාර පිලිබදව ඔබ සිතන්නේ කුමක්ද ඔබගේ අදහස කමෙන්ට් එකක් ලෙස දක්වන්න.

හැමෝටම කියවන්න ලිපිය ෂෙයාර් කරන්නත් අමතක කරන්නට එපා.
© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.