පිටිදුවේ සිරිධම්මහිමි මල්වතු මහනාහිමිට වැද සමාව ඉල්ලයි..[Video]

දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් විසින් මල්වතු මහ නාහිමියන් ප‍්‍රමුඛ එම නිකායේ කාරක සංඝ සභාවෙන් වැද සමාව ගනු ලැබීය.

සිරිධම්ම හිමියන් විසින් කරන ලද ධර්ම දේශනයකදී දලදා වහන්සේට හා ලළාට ධාතුන් වහන්සේටත් අපාසස කලේ යයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හා මල්වතු මහ නාහිමි ඇතුළු නාහිමියන් අපහසුතාවයට පත් කරමින් කරන ලද්දේ යයි කියන ප‍්‍රකාශ සම්බන්ධයෙන් මෙසේ සමාව ගනු ලැබීය.

අදාල චෝදනාවන් සම්බන්ධයෙන් සිරිධන්මම හිමියන් නිකායෙන් ඩවත් කිරීමට තීරණය කර ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස ලිඛිතව කරන ලද දැන්වීමක් අනුව මෙම සමාව ගැනීමද ලිඛිතව සිදුවිය.

තමන් සත්‍ය අවබෝධ කරගත් රහතන් වහන්සේ නමක් යයි නිතර දේශනා කරන පිටිදුවේ හිමියන් විසින් කෙලෙස් නොනැසු බවට උන් වහන්සේම කියන මහ නාහිමිවරු ඇතුළු කාරක සංඝ සභාව හමුවේ සමාව ගැනීම විශේෂය.
© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.