උදාවන සතියේ ලග්න පලාපල

මේෂ

ඔබේ ලග්නාධිපති කුජ සමඟ සිකුරු හයවැන්නේද, රවි, බුධ, ගුරු හත්වැන්නේද, සඳු හා ශනි අටවැන්නේද ගමන් කරමින් උදාවන මේ සතිය මිශ්‍රපල දායක බව පෙනේ. අධ්‍යාපන කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරමක්‌ යහපත් වේ. සතිය ආරම්භයේදී සෙම් රෝග තත්ත්වයක්‌ ඇති වීමට ඉඩ තිබේ.
මවට හෝ පියාට තරමක්‌ අපලදායක බවක්‌ පෙන්වයි. ගෘහ ජීවිතය පිළිබඳව සිත් තැවුලක්‌ සතිය ආරම්භයේදී ඇතිවිය හැක. සතිය මැද වන විට මෙම බාධා බොහෝ දුරට මඟහැරී යනු ඇත. පදිංචිය පිළිබඳ ගැටලු ඇති වීමට ඉඩ ඇත. තැන්පත් ධනය පරිහරණයේ දී සැලකිලිමත් වන්න. සතුරු කරදරවලින් ජයගත හැකි වේ. සුරතල් සතුන් කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු වේ. ණය මුදලක්‌ ලබා ගැනීමට තිබූ බලාපොරොත්තු සාර්ථක වේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරන විට දුර දිග බලා කටයුතු කරන්න. බිරිඳ හෝ සැමියාට එතරම් යහපත් නොවේ. ඔබ තවමත් අවිවාහක නම් මංගල යෝජනා පිළිබඳ කටයුතු දින කිහිපයකින් කල්දැමීම සුදුසු වේ. සෙනසුරු දශා ගතකරන අය ශරීර සනීපය ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට - සුදු, සුබ අංකය - 3.

වෘෂභ

ඔබේ ලග්නාධිපති සිකුරු සමඟ කුජ පස්‌වැන්නේද, රවි, බුධ සමඟ ගුරු හයවැන්නේද, සඳු සමඟ ශනි හත්වැන්නේද, ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක බව පෙනේ. අනවශ්‍ය ලෙස විනෝදයට බර වීම නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වීමට ඉඩ තිබේ. උත්සාහය හා ධෛර්යවන්තව අධ්‍යාපන කටයුතු වල නිරත වන්න. ගෘහ ජීවිතය සතුටුදායක වේ. බිරිඳ හෝ සැමියාට එතරම් යහපත් නොවේ. රහස්‌ සතුරන්ගෙන් ජය ලැබේ. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබා ගැනීමට හැකි වේ. රැකියාවල සාර්ථකත්වයට කරුණු යෙදේ. සේවක සහයෝගය ලැබේ. අසනීපවලින් සුවය ලැබේ. නීති ප්‍රශ්නවලට මැදිහත් නොවන්න. ඉදිරි කාලය තුළ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට - ලා කොළ, සුබ අංකය - 06.

මිථුන

ඔබේ ලග්නාධිපති බුධ, ගුරු සමඟ රවි පස්‌වැන්නේද, සඳු සමඟ ශනි හය වැන්නේද, ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායක බව පෙනේ. අධ්‍යාපන කටයුතුවලට ඇති උනන්දුව අඩුවීමට ඉඩ තිබෙන බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. ගෘහ ජීවිතය සතුටින් ගත කිරීමට කරුණු යෙදේ. වියදම් පාලනය කරගන්න. බිරිඳ හෝ සැමියාට සුබදායක වේ. ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කරන විට ප්‍රවේශම් වන්න. රැකියා කටයුතු වලට තරමක්‌ යහපත් වේ. කෘෂිකාර්මික හා ස්‌වයං රැකියා කරන අයට සුබදායක වේ. තරුණ තරුණියන්ගේ ප්‍රේම සබඳතාවලට බාධා ඇති වේ. සතුරු කරදරවලින් ජය ලැබේ. සෞඛ්‍යය යහපත් වේ.

සුබ පාට - ලා කොළ, සුබ අංකය - 04.

කටක

ඔබේ ලග්නාධිපති සඳු, ශනි සමඟ පස්‌වැන්නේද, රවි, බුධ සමඟ ගුරු හතර වැන්නේද, ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායකයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා විය හැකි වන්නේ උදාසීන බව හා වැඩ කල් දැමීම නිසාය. උනන්දුවෙන් කටයුතු කරන්න. එවිට අධ්‍යාපන ජයග්‍රහණ හිමි වේ. චිත්ත ධෛර්යය ඉහළ යයි. අසල්වාසීන් සමඟ සහයෝගය වර්ධනය වේ. ලිපි ලේඛන කටයුතුවලට සුබයි. ගමන් බිමන් යෙදේ. ගෘහ ජීවිතයේ බොහෝ කටයුතු සාර්ථක කරගැනීමට උනන්දු වනAන. මවුපියන් ගැන සැලකිලිමත් වන්න. මුදල් වියදම් කිරීමේදී සැලකිලිමත් වන්න. දේපළ පිළිබඳ තිබූ නීතිමය ගැටලුවක්‌ විසඳාගත හැකි වේ. සති මැද වන විට හිතේ තිබූ කරදරයකින් නිදහස ලැබෙනවා ඇත. සෞඛ්‍යය යහපත් වේ.

සුබ පාට - සුදු, ක්‍රීම්, සුබ අංකය - 02.

සිංහ

ඔබේ ලග්නාධිපති රවි, බුධ සමඟ ගුරු තුන්වැන්නේද කුජ, සිකුරු දෙවැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක වේ. අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. අධ්‍යාපන හා රැකියා කටයුතු සඳහා විදේශ ගමන්වලට තිබූ බලාපොරොත්තුවක්‌ සාර්ථක කර ගැනීමට පහසුකම් සැලසේ. ගෘහ ජීවිතය ගත කරන අය ඉවසීමෙන් කටයුතු කරන්න. රැකියාව හෝ ව්‍යාපාරය ගැන වැඩි කැපවීමකින් ක්‍රියා කිරීමට පෙළඹේ. දැඩි කාර්යබහුල බවක්‌ ඇති විය හැකිය. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බව පෙනේ. සහෝදරයෙකු වෙනුවෙන් අමතර වෙහෙසක්‌ දරන්නට සිදුවිය හැකිය. අසල්වාසීන්ගේ සහයෝගය ලැබේ. මව හෝ පියා ගැන සැලකිලිමත් වන්න. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. සෞඛ්‍යය යහපත් වේ.

සුබ පාට - දිලෙන සුදු, සුබ අංකය - 01.

කන්‍යා

ඔබේ ලග්නාධිපති බුධ, රවි හා ගුරු සමඟ දෙවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායක වේ. වාසනාවට වඩා උත්සාහය ගැන විශ්වාසය තබා කටයුතු කරන්න. එවිට සතිය තුළ ජයග්‍රහණ හිමිකරගත හැකිය. අධ්‍යාපන කටයුතුවලට සුබ වේ. ගෘහ ජීවිතය ගත කරන අය ඉවසීමෙන් කටයුතු කරන්න. ආදායම් මාර්ගවලට බාධා ඇති විය හැකිය. වියදම් පාලනය කර ගන්න උත්සාහ ගන්න. පවුලේ කෙනෙකුට නිතීමය ප්‍රශ්න ඇති වීමට ඉඩ තිබේ. සහෝදරයෙකු හෝ අසල්වාසියෙකු නිසා පාඩුවක්‌ විඳීමට සිදුවේ. ඇස්‌වල රෝග ඇති වීමට ඉඩ තිබේ.

සුබ පාට - ලා කොළ, සුබ අංකය - 04.

තුලා

ඔබේ ලග්නාධිපති සිකුරු, කුජ සමඟ දොළොස්‌වැන්නේද, රවි, බුධ, ගුරු සමඟ ලග්නයේ උදාවන මෙම සතිය මිශ්‍රපලදායක වේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරමක්‌ සුබදායකයි. උසස්‌ අධ්‍යාපන කටයුතු වලට විදේශ ගත වීමට තිබූ බලාපොරොත්තු සාර්ථක වේ. තැන්පත් ධනය පරිහරණයේදී සැලකිලිමත් වන්න. ගෘහ ජීවිතය ඉවසීමෙන් කටයුතු කිරීමට වගබලා ගන්න. උසස්‌ කෙනෙකු හෝ වැඩිමහල් කෙනෙකු අමනාප වීමට ඉඩ තිබේ. විවාහ සහකරුට තරමක්‌ සුබ නොවේ. රැකියා හා ව්‍යාපාර කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න. හිsසේ උෂ්ණාධික රෝග ඇතිවිය හැක.

සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය - 06.

වෘශ්චික

ඔබේ ලග්නාධිපති කුජ සමඟ සිකුරු සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌ වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය තරමක්‌ යහපත් බව පෙනේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. උසස්‌ අධ්‍යාපනයේ යෙදෙන අයට විදේශ ගමන්වලට තරමක්‌ බාධා ඇති වීමට ඉඩ තිබේ. වියදම් පාලනය කරගන්න. ගෘහ ජීවිතය ගතකරන අයට සතිය මැද වන විට සුබ වේ. පවුලේ වැඩිහිටියන්ට තරමක්‌ යහපත් නොවේ. නීතිමය ගැටලුවලට මැදිහත් නොවන්න. රැකියා හා ව්‍යාපාර ස්‌ථානවල උසස්‌ අය සමඟ ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ස්‌ථාන මාරුවීම් ලැබීමට ඉඩ තිබේ. අලුත් හිත මිතුරන් හඳුනා ගැනීමට ඉඩ තිබේ. සතුරු බලවේග පරාජය කර ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව ලැබේ. මිල මුදල් ලාභ ලැබේ. ශනි ලග්නයේ ගමන් කරන බැවින් සෙම් රෝග හා වාතාබාධ වැනි අසනීප ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට - සුදු, සුබ අංකය - 02.

ධනු

ඔබේ ලග්නාධිපති ගුරු, රවි බුධ සමඟ සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක වේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. උසස්‌ අධ්‍යාපනයේ නිරත වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද සුබයි. ගෙදරදොර කටයුතු ද ඉතා හොඳින් සිදුවේ. ප්‍රීති උත්සව වලට සහභාගී වීමටද ඉඩ ලැබේ. රැකී රක්‌ෂාවල නියුතු අයට උසස්‌ වීම් ලැබේ. තනතුරුවලින් උසස්‌ වේ. වැඩි වගකීම් බලතල පැවරෙන අතර වැඩි වැටුප් ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. වියදම් පාලනය කරගන්න. වාසනාවට වඩා උත්සාහය ගැන විශ්වාසය තබා කටයුතු කරන්න. සෞඛ්‍ය යහපත් වේ.

සුබ පාට - කහ, තැඹිලි, සුබ අංකය - 03.

මකර

ඔබේ ලග්නාධිපති ශනි සමඟ සඳු සියලුම ලැබීම් පෙන්වන අතර එකොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායක වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. උසස්‌ අධ්‍යාපන කටයුතුවලට විදේශ ගමනකට දොරටු විවර වේ. යහපත් ගුරු ඇසුර ලැබේ. ආගමට දහමට සිත යොමු වේ. ගෘහ ජීවිතය සතුටුදායකයි. ඔබේ නායකත්ව ගතිගුණ ප්‍රදර්ශනය කරමින් අන් අය අතර ප්‍රධානත්වයක්‌ ඇතිව කටයුතු කිරීමට හැකිවේ. උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. තනතුරු උසස්‌වීම්ද ඒ සමඟම ඇති වේ. රැකියා නැති අයට රැකියා වරම් හිමි වේ. මිල මුදල් ලැබීමේ මාර්ගද දියුණු වෙන බව කිව හැකිය. පියා ගැන සැලකිලිමත් වන්න. ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ගැටලු අවම කර ගත හැකියි. සෞඛ්‍යය යහපත් වේ.

සුබ පාට - නිල්, සුබ අංකය - 07.

කුම්භ

ඔබේ ලග්නාධිපති ශනි සමඟ සඳු දසවැන්නේ ගමන් කරමින් උදාවන මේ සතිය මිශ්‍රපලදායක වේ. අධ්‍යාපනය හා උසස්‌ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරමක්‌ යහපත් වේ. සිත ආගම දහමට යොමු වේ. ගමන් බිමන් ආදියේ දී ඉතා පරිස්‌සම් විය යුතුය. දරුවන් ගැන සැලකිලිමත් වන්න. බිරිඳ හෝ සැමියාට එතරම් සුබ නොවේ. වන්දනා ගමන් හා විදේශ ගමන්වලදී සැලකිලිමත් වන්න. රැකියා හා ව්‍යාපාරික කටයුතුවලට සේවක ගැටලු ඇති විය හැකිය. සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට - නිල්, සුබ අංකය - 07.

මීන

ඔබේ ලග්නාධිපති ගුරු, රවි සමඟ බුධ අටවැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායකයි. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරමක්‌ සුබදායක වේ. මිල මුදල් ලැබීමේ මාර්ගවලට බාධා ඇති විය හැකිය. හවුල් ව්‍යාපාරවලදී කල්පනාකාරී වන්න. ගෘහ ජීවිතයට තරමක බාධා ඇති විය හැකිය. යුගදිවි ගත කරන අය දුරදිග බලා බුද්ධිමත්ව කටයුතු කිරීම යහපත් වේ. ඔබ තවමත් අවිවාහක නම් මංගල යෝජනා පිළිබඳ කටයුතු දින කිහිපයක්‌ කල්දැමීම සුදුසු වේ. රැකියා හා ව්‍යාපාරික ස්‌ථානවල ගැටලු ඇතිවීමට හැකිය. උසස්‌ අය සමඟ කරන කටයුතුවලදී ප්‍රවේශම් වෙන්න. රහස්‌ සතුරන්ගෙන් ජය ලැබේ. නමුත් උත්සාහය ධෛර්යය පවතින නිසා බොහෝ දේ සාර්ථක කර ගැනීමට හැකිවේ. සෞඛ්‍ය ගැටලු ඇති වේ. ගුරු දශා ගතකරන අය දියවැඩියාව හා කොලෙස්‌ටරෝල් වැනි රෝගවලින් ප්‍රවේශම් වන්න.

සුබ පාට - කහ, තැඹිලි, සුබ අංකය - 02.

Ö අජන්තා ඒකනායක
මැද මහනුවර
© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.