සැලූන් නොහිහින් ගෙදරදී හැඩ වෙන රහස්

හැම ගැහැණියක්ම සුන්දරයි. සමහරු නොසැලකිල්ල නිසා තමන්ගේ උපතින් ලැබුන සුන්දරත්වය නැති කර ගන්නවා.තවත් සමහරු තමන්ට ලැබී තිබෙන සුන්දරත්වය ඔප්නංවා ගන්න කැමති නැහැ. ඕවට කොහෙන්ද වෙලාවක් කියලා කම්මැලිකමට මුකුත් නොකර ඉන්න කාන්තාවන් ඕනෑතරම් ඉන්නවා. නමුත් ඕනෑ කෙනෙක් සුන්දරත්වය වෙනුවෙන් මාසයකට දවස් දෙක තුනක් වත් අනිවාර්යයෙන්ම වෙන් කර ගත යුතුයි

ඔබට ඔබවම විශේෂයෙන් දැනෙන්න, ඔබේ බාහිර අභ්‍යන්තර රූපය සුන්දර කර ගන්න එක දවසක් වෙන් කරනවා කියන්නේ ආයෝජනයක්. ඒ කාලය තමයි සතියේ ඔබේ වටිනාම කාලය.

මේ පියවර අනුගමනය කරමින් සුන්දරත්වය ඔප්නංවා ගන්න ඔබට ලොකු මුදලක් වියදම් වෙන්නේ නැහැ. වුවමනා වෙන ලොකුම දේ උනන්දුව තමයි.

1* කොණ්ඩයෙන් පටන් ගන්න.
පළමුව පොල් තෙල් ටිකක් හැන්දක් මත තබා රත් කරගන්න. මද රස්නය තිබියදීම හිස්කබල සම්බාහනය අරමින් එය හිසේ ආලේප කරගන්න. ඉන්පසුව කපු තුවායකින් හිස ආවරණය කරගෙන මිනිත්තු 20 ක් නිස්කලංකව ඉන්න. තුවාය එතූ විට හිසේ රස්නය එලෙසම පවතින අතර තෙල් පහළට බේරී ඇවිත් මුහුණේ ගෑවීම වළකිනවා. තෙල් ගෑවුණු විට මුහුණේ කුරුළෑ ඒමේ අවදානමක් තිබෙන අයට මෙමගින් සහනයක් ලැබෙනවා.

2* කොණ්ඩය සෝදා ගන්න.
ඔබ කැමතිම සුවඳ, ගුණ ඇති ෂැම්පු වර්ගය මේ සඳහා යොදා ගන්න පුළුවන්. වෙනදාට ඉක්මනින් අතුල්ලා ඉක්මනින් සෝදා හරින හිස්කබල මෙදිනට හොඳින් සම්බාහනය කරමින් තෙල් ඉවත් වන තුරු ෂැම්පු දමා පිරිසිදු කරගන්න.
3* ඊළ`ගට නාන බේසම පිරිසිදු මද උණුසුම් ජලයෙන් පුරවන්න. එයට ඔබ කැමතිම වර්ගයක පෝෂක ද‍්‍රව්‍යක් එකතු කරන්න පුළුවන්. කොහොඹ කොළ තැම්බුව වතුර,සුදුහඳුන් කුඩු, වෙනිවැල්ගැට ජලය , කහ වතුර වගේ ස්වභාවික විශිෂ්ට පෝෂක ද‍්‍රව්‍යන් වගේම වෙළඳපොලේ ඇති නිෂ්පාදනත් ඔබට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්.

4* නාන අතරතුර තුවායෙන් කොණ්ඬේ තෙත මාත්තු කරලා, හොඳින් කන්ඩිශනර් අරගෙන පරිස්සමෙන් කොණ්ඬේ ආලේප කරන්න. ඔබ ස්නානය කරන අතරේදී හිසකෙස්වලට හොඳින් කන්ඩිෂනර් ගැල්වී තියේවි. ස්නානයෙන් අනතුරුව ම`ද වශයෙන් එය කොණ්ඩයෙන් ඉවත් කරගන්න.

5* විනාඩි පහක් , දහයක් ඔබේ වෙහෙස , පීඩනයන් ගෙන් මිදෙන තුරු සුවඳවත් මද උණුසුම් ජලය සහිත බේසමේ බැස සිටින්න පුළුවන් නම් හොඳයි. ඔබ පාවිච්චි කරන්නේ කුඩා බේසමක් නම් වතුර ඇ`ගට හෙමින් වත්කර ගනිමින් සැහැල්ලූ වෙමින් ස්නානය කරන්න.

6* මැරුණ සම ඉවත් කිරීමට ඇති උපකරණයකින් යටි පතුල, කකුල් වැලමිට වැනි සම තද ස්ථාන සෙමින් ස්ක‍්‍රබ් කරන්න. ජලයට සම මෘදු වී ඇති නිසා එය බොහෝ ප‍්‍රථිපලදායකයි.

7* ශරීරය අතුල්ලන ලූෆා ස්පොන්ජ් එකකට හෝ පුලූන් ගුලියකට හොඳ නාන ජෙල් එකක් හෝ සබන් තවරා යටි පතුලේ සිට උරහිස දක්වා සෙමෙන් උඩු අතට අතුල්ලන්න. ශරීරය ජලයෙන් පිරිසිදු කරගෙන පහසු, පිරිසිදු, සුන්දර ඇඳුමකින් සැරසෙන්න. එය ඔබේ මනසට සතුටක් ගෙන දේවි.

8* බොඩි ලෝෂන් එකක් යොදා ශරීරය හොඳින් මසාජ් කරන්න. ශරීරයේ හැම තැනකටම හොඳින් ලේ ගමනාගමනය සිද්ධ වීමට එය උපකාර වෙනවා.

9* උණු වාෂ්ප ස්නානයෙන් ප‍්‍රබෝධමත් වුණ මුහුණ ස්ක‍්‍රබ් එකක් ආධාරයෙන් හොඳින් ස්ක‍්‍රබ් කර ගන්න. මැරුණු සම ඉවත් වී ගොසින් බබලන , සුසිනිදු බවක් ඔබේ මුහුණට ලැබේවි.
10* ඔබ කැමතිම ෆේස් පැක් එකක් ආලේප කරන්න. සුදු හඳුන්, මීකිරි හෝ යෝගට්, වෙනිවැල්, කොකුම් පොතු, කඩල පිටි, මීපැණි වැනි ස්වභාවික් අමුද්‍රව්‍ය යොදාගෙන ඔබට ඒ පැක් එක සකස් කරගන්න පුළුවනි. සුන්දර සංගීතයක් පසුබිමේ ඇහෙන්න ඇඳේ හාන්සි වෙන්න. කකුල් කොට්ටයක් වැනි උස දෙයක් මත තබා ගන්න. ඇස් දෙක පියාගන්න. නිදහස , සැහැල්ලූව මනසින් අත්විඳින්න.

11* මිනිත්තු 20ක් එය මුහුණේ ගල්වා තබා අවසානයේ නැවත නාන කාමරයට යන්න. මුහුණ හොඳින් සෝදා ගන්න.

12* ඔබේ මුහුණු සත්කාර නිමා කරන්නට ටෝනර් ස්වල්පයක් මුහුණේ ගාන්න. නැතිනම් ටෝනර් එකක් වශයෙන් අයිස් වතුර පාවිච්චි කරන්න පුළුවනි. සත්කාර කරද්දී විවර වුණු රෝම කූප අභ්‍යන්තරය නැවත වසා ගැනීමටයි ටෝනර් කරන්නේ. අවසානයේ ඇස වටේ ගාන ක‍්‍රීම් ස්වල්පයක් තවරා මදක් සම්බාහනය කරන්න.

13*නියපොතු ගැන අවසාන වශයෙන් කල්පනා කරන්නට පුළුවන්. දැනට සේදී ගොසින් පරණ වුණු නිය ආලේපනයක් නම් ඔබේ නියපොතු මත තිබෙන්නේ එය ඉවත් කරගන්න. හොඳ හැඩයකට නිය පෙළ කපාගෙන අලූත් ආලේපනයක් ගල්වා ගන්න.

14* සුන්දර දවස තවත් සුන්දර කරගන්න උණුසුම් තේ හෝ ඔසු පැන් කෝප්පයක් තොල ගාමින්, ඔබ කැමතිම පොතක් කියවන්න.

අප ඉහත කියූ පියවර කිහිපය සිද්ධ කරන්න ඔබට ලොකු වියදමක් යන්නේ නැති බව නම් සහතිකයි. තමන්ගේ පෙනුම වඩාත්ම සුන්දර කරගන්න කෙනෙකුට වුවමනාව තිබේ නම් ඉහත පියවර අනුගමනය කරලා, සැලූන් නොගියත් ගෙදරදීම එය කරගත හැකි බව ඔබට අත් විඳින්න පුළුවන් වේවි.
© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.