වීඩියෝවෙන් කියවෙන්නෙ විකටර්ගේ කතාව කියලා මං දැනගෙන හිටියේ නෑ

සිංහල සිනමාවේ දුෂ්ටයා විදිහට කාලයක්ම ජනප්‍රිය වෙලා හිටියේ විල්සන් කරූ මහත්මයා යි.හැබැයි එතුමා මේ දිනවල ජනප්‍රියත්වයට පත්වෙලා ඉන්නේ ඉරාජ් ගෙ අලුත්ම මියිසික් වීඩියෝවේ රඟපාපු හින්දයි.ඒත් ඒක ජනප්‍රියත්වයක්ද ජන අපරියත්වයක්ද කියලා සැකයක් තියෙනවා.කොහොම වුනත් විල්සන් කරූ මහත්මයා තමන්ගේ මුල්ම මියුසික් වීඩියෝව වෙච්ච ඉරාජ්ගේ වීඩියෝව ගැන මේ ඉරිදා සදැල්ල පත්තරේට ඉන්ටර්විවු එකක් දීලා තිබුනා.

සිංහල සිනමාවේ දුෂ්ටයා විදිහට කාලයක්ම ජනප්‍රිය වෙලා හිටියේ විල්සන් කරූ මහත්මයා යි.හැබැයි එතුමා මේ දිනවල ජනප්‍රියත්වයට පත්වෙලා ඉන්නේ ඉරාජ් ගෙ අලුත්ම මියිසික් වීඩියෝවේ රඟපාපු හින්දයි.ඒත් ඒක ජනප්‍රියත්වයක්ද ජන අපරියත්වයක්ද කියලා සැකයක් තියෙනවා.කොහොම වුනත් විල්සන් කරූ මහත්මයා තමන්ගේ මුල්ම මියුසික් වීඩියෝව වෙච්ච ඉරාජ්ගේ වීඩියෝව ගැන මේ ඉරිදා සදැල්ල පත්තරේට ඉන්ටර්විවු එකක් දීලා තිබුනා.

ඔහුනම් කියන්නේ වීඩියෝ එක කරන තැනට යනකල්ම මේ වීඩියෝව නිෂ්පාදනය කරන්නේ ඉරාජ් කියලා තමන් දැනගෙන හිටියේ නෑ කියලයි.ඒ වගේම වීඩියෝව කරන අතරතුර “මේ වික්ටර් රත්නායකගේ කතාව නේද”කියලා තමන් ඔහුගෙන් ඇහුවා කියලත් විල්සන් කරූ මහත්තයා කියනවා.එතකොට ඉරාජ් කියලා තියෙන්නේ “නෑ..මේක එහෙම දෙයක් නෙවෙයි”කියලලු.ඒ නිසාම තමන් මේ වැඩේට සමබන්ධ වුනා කියලත් එතුමා කියනවා.

මේ වීඩියෝවෙන් පස්සෙ තාමත් විකටර් හෝ ඉරාජ් තමන්ට කතා කරේ නැහැ කියලයි විල්සන් කරූ මහත්තයා කියන්නේ.ඒත් එතුමා එක තැනකදී කියනවා මේ වැඩේට සමබන්ධ වුනේ ඉරාජ්ගේ තාත්තා එක්ක තියෙන හිතවත්කම නිසා කියලා.

කොහොමහරි විල්සන් කරූ මහත්මයා ජීවිතය ගෙවන්නෙ තනිකඩව.ඉතින් ඒ වගේ අපේ රටේ ඉන්න වටිනා කියන කලාකරුවන්ගේ අනාගතය වෙනුවෙන් රජයෙන් වැඩපිලිවෙලක් නෑ කියලා අපි දන්නවා .උපරිම වුනොත් අවමඟුලට මල් කලඹක “ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය “විසින් ලබා දෙයි.

ඒ දේ එහෙමවුනත් මේ වැඩෙන් චිත්‍රපටි 300කට අධික ප්‍රමාණයක රඟපාලා විල්සන් කරූ මහත්මයා හදාගත්ත ප්‍රතිරූපයට යම් ප්‍රමාණයකට හෝ හානි වුනා කියලයි අපි කියන්නේ.ඒකත් හරියට උදේ ඉඳලා වතුර ඇදපු කලේ හවස් වෙද්දි බිඳ ගත්තා වගේ වැඩක්.

ඉරාජ්ගේ මියුසික් වීඩියෝව ගැන ඔහු කියලා තිබුනේ මේ වගේ කතාවක්.

ඉතින් කොහොමද ?
අපේ සැප දුක හොයන්න එන්නේ අපිට ඉතින් මඩක් වැදුනොත් තමයි නේද ?……

මොනවද මේ දවස් වල අලුත් තොරතුරු
අප්පේ අර ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකේ රඟපාලා බැණුම් කෝටියක් අහගෙන ඉන්නවා.

ඔබ වැනි සිනමාවේ ආදරය දිනා ගත්ත කලාකරුවෙක් මේ වගේ මියුසික් වීඩියෝවල රඟපාන්න ගියේ ඇයි ?
ඇත්තටම ඔය වීඩියෝ එක ප්‍රචාරය වෙනකම් මම ඔහොම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඉරාජ් මාස ගානක්ම ඕකට නළුවෙක් හොයලා තියෙනවා. ඉරාජ්ම තමයි ගායකයට කියලා තියෙන්නේ අපි මේකට කරු අයියව ගමු කියලා. මට කතා කලාම එතනට යනකම් මේක ඉරාජ් කරන වීඩියෝ එකක් කියලා මම දැනගෙන හිටියේ නෑ.
රූගත කිරීම් කරන කොට මමත් මොකක්ද මේ වෙන්නේ කියලා බලා ගෙන හිටියා. මම එතකොටත් කිවුවා අර කේස් එකනෙ මේ යන්නේ මට නරක නාමයක් ඒවිද දන්නේ නෑ කියලා.ඉරාජ් කිවුවා කාගෙවත් නමක් සඳහන් වෙන්නේ නෑ බය නැතුව කරු අයියා රඟපාන්නකෝ කියලා.

ඒ කියන්නේ රෝල් එක කරන්න ඔබ බය වුණා?
බයකට එහෙම කිවුවේ නෑ. නමුත් මේ සිංදුවෙන් නිගාවෙන්නේ මම ලඟින්ම ඇසුරු කරපු මගේ මිත්‍රයෙකුට. මේ වීඩියෝ එකක් නිසා ඔහු මාත් එක්ක අමනාප වේවි කියලා පොඩි චකිතයකුත් හිතේ තිබුණා.එත් එයාට නෙමෙයි මේ වීඩියෝ එක හදන්නේ කියලා ඉරාජ් කියපු නිසා මමත් එච්චර හිතුවේ නෑ මම රඟපෑවා. අන්තිමට හෙන අවනඩුවක්නෙ මට වුනේ.

මේ මියුසික් වීඩියෝ එක ප්‍රචාරය වුනාට පස්සේ ඔය කියන ගායන ශිල්පියා ඔබට කතා කලාද ?
අපෝ තවම කතා කලේ නෑ. නමුත් මම රඟපාන්නේ ඒ චරිතය කියලා බොහෝ පිරිස දෝෂාරෝපණය කරනවා.

රඟපාන කොට මේ අපේ කාලයේ ගායකයකුගේ ඇත්ත ජිවිත කතාවේ නිර්මාණයක් කියලා දැන දැනම රංගනයේ යෙදුණේ ලොකු මුදලක් ලැබුන නිසාද ?
ඕක මම කාටවත් මඩ ගහන්න කරන දෙයක් නෙමෙයි කියලා එකහෙලාම කියද්දී මම වාද කරන්න ගියේ නෑ.මම ජීවිතේ පළමු වතාවට තමයි මියුසික් වීඩියෝ එකක රඟපෑවේ. කරපු පළමු එකෙන්ම අවනඩුවක් තමයි ඔළුවට පාත්වුණේ.ඇත්තටම මම ලොකු මුදලක් ගත්තේ නෑ.ඉරාජ්ගේ තාත්තා නිසා තමයි මම මේකට දායක වුණේ. මේ තරම් අවනඩුවක් වෙනවා කියලා දන්නවනම් ඇත්තමයි මම ලොකු මුදලක් ඉල්ලනවා.

වීඩියෝ එක ප්‍රචාරය වුනාට පස්සේ ඉරාජ් ඔබට කතා කළාද ?
නැහැ තවම කතා කලේ නැහැ.මාත් ඉන්නේ කතා කරනකම් “මොකක්ද යෝධයෝ උඹ මට මේ කලේ” කියලා අහන්න. වුණේ වැරැද්දක් ඒකට මම දැන් කණගාටු වෙනවා.

සිනමාවේ වීරයෙක් වුන ඔබ මේ වගේ මල් සින්දු වීඩියෝවල රඟපාන තත්ත්වයට පත්වුණේ කලා කටයුතු ලැබෙනවා අඩුද ?
ඔව්. දැන් අපිට වැඩ ලැබෙන්නේ නැහැ. අපිත් ජිවත් වෙන්න එපැයි. අනික් එක දැන් හදන ටෙලි නාට්‍ය වල චරිත පුස් චරිත. මම ඒවට කැමති නෑ.

උපුටා ගැනීමකි.
© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.