ආදරයට වයස බලපාන්නේ නැහැ – යුරේනි නොෂිකා

කාගේත් ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස යුරේනිව හඳුන්වන්න පුළුවන්. මේ දිනවල ‘කූඹියෝ’ ටෙලි නාට්‍යය හරහා ඔබට ඇයව දකින්න පුළුවන්. ඒ නිසාම මෙවර ආදරය ගැන අහන්න අපි ඇයට කතා කළා.

* ආදරයට නිර්වචනයක් දෙන්න?
‍ප්‍රෝඩාවක් නැති පිවිතුරු දෙයක් තමයි ආදරය කියන්නේ.

* පාසල් ප්‍රේමය සුන්දරයිද?
ඇත්තටම ඒක කියන්න දන්නේ නැහැ. මොකද පාසල් කාලයේ පෙම්වතෙක් හිටියෙ නැති නිසා.

* ආදරය මුලින්ම දැනෙද්දි වයස කීයද?
වයස දහඅටයි. මගේ පළමු පෙම්වතා මාත් එක්ක යාළුවෙන්න ආවේ මම සාමාන්‍ය පෙළ කරන කා‍ලේ. උසස් පෙළ අවසන් වුණාට පසුව ඇහැව්වා.

* ආදරය හැමවිටම ප්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයාද?
එහෙම නියමයක් නැහැ. පිරිමි ළමයි මගෙන් අහන්නේ නැති නිසා මම අහන්න ඉන්නේ මට කැමතිද කියලා.

* අප්‍රකාශිත ආදරයක් තිබුණද?
ඔව්, එහෙම ආදරයක් මටත් තිබුණා.

* ආදරය කරද්දි පෙම්වතා වැඩිමල් විය යුතුයි කියලා හිතනවාද?
වයස බලපාන්නේ නැහැ. දෙන්නගෙ කැමැත්ත වගේම හොඳ තේරුම් ගැනීමක් තියෙන්න ඕන. වයස කියන්නේ එක ඉලක්කමක් විතරයි. අපේ රටේ විතරයි ඉලක්කම ලොකු කරගෙන දඟලන්නේ. පිටරටවල එහෙම නැහැ.

* වයසින් බාල කෙනෙක් ගැන ආදරය හිතිලා තියෙනවද?
අනිවාර්යයෙන්ම එහෙම හිතිලා තියෙනවා.

* පෙම්වතාගෙන් ලැබුණු මුල්ම තෑග්ග මොකක්ද?
මගේ මුල්ම පෙම්වතාට හොඳට අත්වැඩ පුළුවන්. මගේ උපන් දිනේට එයාම හදපු ලස්සන සුබපැතුම්පතක් දුන්නා. දැන් කා‍ලේ ළමයින්ට වගේ සල්ලි නැති නිසා ඒ කා‍ලේ ඒ වගේ තෑගි තමයි ලැබුණේ.

* පිරිමි කෙනෙක්ට ආදරේ හිතෙන්නේ මොන ගතිගුණවලටද?
ප්‍රධානම දේ අවංකකම.

* ආදරය විවාහයෙන් කෙළවර විය යුතුද?
ආදරය දැනෙන මොහොතේ දෙන්න පුළුවන්. ඒක ෙදෙවය අනුව තමයි තීරණය වෙන්නේ. ආදරය තියෙනකම් ඒ දේ විඳින්න ඕන. ඇතැම් අය ආදරය දැනුණු ගමන් විවාහ වෙන්න යනවා. මම කියන්නේ මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්න හොඳ නැහැ කියලා.

* ආදරය හා රාගයට එකට පැවැත්මක් තියෙන්න පුළුවන්ද?
ආදරය කියන්නේ රාගය ‍නෙවෙයි. රාගය කියන්නේ ආදරයත් ‍නෙවෙයි. දෙකම සමබර වුණොත් සම්බන්ධතාවකට හොඳ පැවැත්මක් තියෙන්න පුළුවන්.

* විවාහය ලියාපදිංචි කළ යුතුද?
අපේ රටේ තමයි එහෙම කරන්නේ. අනෙක් රටවල කාලයක් එකට ඉඳලා ළමයි ලොකු වුණහම තමයි ඔවුන් විවාහය ලියාපදිංචි කරන්නේ. තේරුම් ගැනීමයි වැදගත්ම දේ. විවාහය බොරුවට ලියාපදිංචි කරගෙන ලෝකෙට පේන්න බොරුවට ඉන්නවට වඩා සතුටින් ඉඳීමයි වැදගත් වෙන්නේ.

* විවාහයෙන් පසුව ගොඩක් දෙනා වෙනස් වෙනවා. ඒ ඇයි?
අපි ඔක්කොම සත්තු. මිනිසා කියන්නේ දියුණුම සතා. මනුස්සයා ඇරෙන්න අනෙක් සත්තු ජීවිත කාලෙම එකට ඉන්නෙ නැහැ. මනුස්සයා විතරයි ජීවිත කාලෙම එකට ඉන්නේ. මනුස්සයෙක්ට තවත් මනුස්සයෙක් එක්ක ජීවිත කාලෙම එකට ඉන්නවා කියන දේ හරි අමාරු දෙයක්. මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් හැමදේම භෞතික සාධක නිසා වෙනස් වෙන දෙයක්. අද මිනිස්සුන්ට සම්බන්ධතාවල වටිනාකමක් නැහැ. අද අපි කන කෑමවලට දාන කෘෂි රසායන නිසා මිනිස්සුන්ගේ හෝමෝන වෙනස්වෙලා තමයි ගැහැනු පිරිමි හතර වටේ යන්නේ.

* විරහව එක ජේදයකින් විස්තර කරන්න?
හැමෝටම ‍පොදු දෙයක්. ආදරය කරද්දි විරහව දරාගන්න හැකියාව තියෙන්න ඕනෙ.

* සමලිංගිකයන්ගේ ආදරය සමාජ සම්මතයට පටහැනිද?
අනේ නැහැ. පෙර කරපු පව් පින් අනුවයි ඒ මිනිස්සු ඉපදිලා තියෙන්නේ. ඒ අයටත් හැඟීම් දැනීම් දැනෙනවා. ඒ අය සමාජයෙන් කොන් කරන්න හොඳ නැහැ.

* ආදරය එක් සහකරුවකුට පමණක් සීමා විය යුතුද?
විවාහයෙන් පස්සේ ආදරය එක්කෙනෙක්ට සීමා වුණාට විවාහ වෙන්න කලින් කිහිපදෙනෙක් එක්ක ආදරයෙන් බැඳෙන්න පුළුවන්නේ.

* මේ වෙනකොට පිරිමි ළමයි කීදෙනෙක් දාලා ගිහින් තියෙනවාද?
හතරදෙනෙක් තමයි.

* මේ වෙනකොට යුරේනි පෙම්වතියක්ද?
නැහැ. දැන් මට පෙම්වතෙක් නැහැ.

තිළිණි කරුණාරත්න
ඡායාරූප: චමිල කරුණාරත්න


© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.