සතියේ ලග්න පලාපල

මේෂ – පී්‍රතිමත් සතියක්
තමාගේ කටයුතුවල සාර්ථක භාවය නිසා අන්‍යයන්ගේ ප්‍රශංසා, හොඳනම ලබාගැනීමේ හැකියාවක් ඇත. අලංකාර වස්තු ලැබිමෙන් සිතෙහි පී්‍රතිය උපදී. ශරීර සැප පහසුව ලැබේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. විවාහ වීමට සුදුසු වයසේ අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වුව ද ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. මිල මුදල් ලැබිම අතින් ද ආර්ථික කටයුතු අතින් ද යහපත් වුවත් විටෙක අනපේක්ෂිතව ඉස්මතු විය හැකි සිද්ධීන් තුළ මිල මුදල් වියදම් ඉහළ යා හැක.

ජය වර්ණය- රතු, ජය අංකය- 09

වෘෂභ – නිෂ්ඵල ගමන් යෙදේ
බලා‍පොරොත්තු අදහස් අන්‍යයන් සමග වූ ‍පොරොන්දු, ගිවිසුම් ආදිය වෙනස් වේ. විටෙක පහසුවෙන් බේරුමක් කරගැනීමට හැකිව තිබූ අවුල් වියවුල් ආදිය දුරදිග යාමක් පෙන්විය හැකි නිසා තරමක් කල්පනාකාරී විය යුතුයි. උදරාශ්‍රිත, උෂ්ණාධික රෝග බලපායි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් විමසිලිමත් වන්න. විටෙක නිෂ්ඵල ගමන්බිමන් යෙදේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ද ඉහළටම යයි. වැටීම්, තැළීම්, තුවාල, අනතුරු, පීඩාදියෙන් ද ප්‍රවේශම් විය යුතු වේ.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

මිථුන – ප්‍රේම සම්බන්ධතා
හිතවත් ඥාතියෙක් හෝ මිත්‍රයකු හමුවනු ඇත. ඔවුන්ගේ කිසියම් අන්දමක ආධාරය, උපකාරය ලබයි. වැදගත් කටයුතුවලට බැසීමට හැකි යහපත් සතියකි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. එසේ වුවත් හැඟීම්වලට වහල් වීමෙන් වැළකිය යුතුයි. සුදුසු වයසේ පසුවන අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. කෙසේ වුවත් බලා‍පොරොත්තු කිහිපයක් යම් පමණකින් හෝ ඉෂ්ට සිද්ධ කරගත හැක.
ජය වර්ණය- කොළ, ජය අංකය- 05

කටක – වියදම් පාලනය කරගන්න
තමාට නොගැළපෙන අය සමග ආශ්‍රයට යාමෙන් වැළකිය යුතුයි. පහත් අය සමග හෝ යටතේ වැඩ කරන අය සමග ආරවුල් ඉස්මතු කළ හැකි බැවිනි. වෘත්තීය සහ රැකියා ක්‍ෂේත්‍රයේ කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. ගෙදරදොර කටයුතුවල දී ඉතාමත් ඉවසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සමගියට සාමයට බාධා එල්ල වේ. ආර්ථික වශයෙන් ඔබ බලා‍පොරොත්තු වන තරමට යහපත් නොවේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය පාලනය කිරීම අසීරු වේ.
ජය වර්ණය- ක්‍රීම්, ජය අංකය- 02

සිංහ – වෙළෙඳාමෙන් දියුණුව
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට සුළු බාධා ඉස්මතු වුවත් ක්‍රමයෙන් සියල්ල යහපත් වේ. අන්‍යයන්ගේ සහයෝගය ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. දියුණුවට කටයුතු සැලසේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි.
ඇඳුම් පැලඳුම්, මිහිරි ආහාරපාන, අලංකාර වස්තු ලැබේ. සතුරන්ට වඩා තමාගේ තත්ත්වය ඉහළ යයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සැලකිලමත් වන්න. යම් යම් බාධා ප්‍රමාදතා මතු කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු යහපත් වේ.
ජය වර්ණය- රතු, ජය අංකය- 01

කන්‍යා – අධ්‍යාපනයට ශුභයි
අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු යහපත්ය. සතුරු කරදර බාධා ඉස්මතු වුව ද ඒවා මැඬපවත්වාගෙන තම කටයුතු කරගෙන යා හැක. කරගෙන යන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතු ද කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. තම තත්ත්වයෙහි කිසියම් දියුණුවක් ලබයි.
ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී අයහපත් නොවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. එහෙත් විමසිලිමත් විය යුතුයි.
ජය වර්ණය- කොළ, ජය අංකය- 05

තුලා – සිතන තරමට යහපත් නොවේ
මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී සාමාන්‍ය අන්දමට යහපත් වේ. අනුමානයට කරන කටයුතුවලින් එතරම් පලක් නොවේ. තමා බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. කෙසේ වුවත් ස්වකීය උත්සාහය තුළ බලා‍පොරොත්තු කිහිපයක් ඉටු වේ. සතුරනිට වඩා තම තත්ත්වය උසස් කරගත හැක. කරගෙන යන කටයුතු ද අමුතුවෙන් ආරම්භ කරන කටයුතු ද යහපත් වේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු ද යහපත් වේ. දියුණුවට මාර්ගය සකස් වේ. ගෙදරදොර කටයුතු යහපත්ය.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

වෘශ්චික – කල්පනාකාරී වන්න
දෝෂාරෝපණයන්ට ඉඩ මතුකළ හැකි බැවින් කල්පනාකාරී වන්න. ශරීර සෞඛ්‍යය දුර්වල වේ. අලුත් අසනීපයක් මතු කළ හැකි නිසා වඩාත් සැලකිලිමත් වන්න. සිතේ සතුට සැනසීම සම්පූර්ණයෙන් නැතිවිය හැක. ඉතාමත් උනන්දුවෙන් ද කල්පනාවෙන් ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු විය හැක. ගෙදරදොර කටයුතුවල දී ප්‍රවේශම් විය යුතුයි. සමගිය සාමයට බාධා එල්ල වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂයයන් ඉගෙනීමට අවසිථාව සැලසේ. ආගමික සහ සමාජීය කටයුතුවලට හිත ඇදී යයි.
ජය වර්ණය- රතු, ජය අංකය- 09

ධනු – වියදම් අඩුකරගන්න
තමාට නොගැළපෙන අය සමග ආශ්‍රයට යාමෙන් වැළකිය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී ඉතාමත් බුද්ධිමත්ව කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. මිල මුදල් ලැබිම අතින් ද ආර්ථික වශයෙන් ද අයහපත් නැත. නමුත් වියදම් පක්ෂයයේ දී සැලකිලිමත් විය යුතුයි. ගෙදරදොර කටයුතු යහපත්ය.
සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් වන්න.
ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03

මකර – සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න
උත්සාහය සහ කැපවීම තුළ තමාගේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගනී. අන්‍යයන්ගේ සහයෝගය ලැබිමත් ආධාරය උපකාරය ලැබිමත් තුළ වැඩකටයුතු කිහිපයක්ම ලෙහෙසියෙන් ද පහසුවෙන් ද ඉටුකර ගත හැක. ආර්ථික ලැබිම් තුළ ශුභයි. දියුණුවක් ලබයි.
විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල ද කිසියම් දියුණුවක් ලබයි.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

කුම්භ – දරුවන්ගේ දියුණුව
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යහපත් වේ. අන්‍යයන්ගේ සහාය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. අලුත් කටයුතු කිහිපයක් උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ.
සැලසුම් කිහිපයක් ද සකස් වේ. මිල මුදල් ලැබිම අතින් ශුභයි. කිසියම් මට්ටමක දියුණුවක් ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙ දී සිටින අයට කටයුතු සාර්ථක කරගත හැක.
ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ගෙන දේ.
ජය වර්ණය- නිල්, ජය අංකය- 08

මීන – විවිධ ක්‍ෂේත්‍රයන්ගෙන් මුදල්
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී තරමක් බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රියා කළ යුතුයි. එසේ කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල උදා කළ හැක. කෙසේ වුවත් උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. මිල මුදල් ලැබිම අතින් අයහපත් නොවේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. නොඑසේ නම් සමගියට සාමයට බාධා එල්ල වනු ඇත. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ.
ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03

ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී
ජී.ඇම්. ගුණපාල

© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.