අවුරුදු දහයකින් තරුණ වෙන්න කැමතිද?

අපි කොච්චර වයසට ගියත් අපේ ප‍්‍රියමනාප බවේ සංකේතය මුහුණ. ලස්සන මුහුණක්, ප‍්‍රසන්න හිනාවක් තියෙනවා නම් ඉතිං ඕනම කෙනෙකුගේ හිත තමන්වෙත ආකර්ෂණය කරගන්න පුළුවන් නේද?

ඒත් වයසත් එක්ක අපි කිසිම ප‍්‍රතිකර්මයක් කරන්නේ නැතිව හිටියොත් ආකර්ෂණීය බව නැති වෙලා යන බව කවුරුත් අත්දැකීමෙන් දන්න කරුණක්. අපේ ලස්සන කාලේ ඉවරයි කියලා හිතින් දුක් වෙමින් ඉන්නෙ නැතිව මේ සරල පිළියම් අත්හදා බැලූවොත් ඔබටත් පෙනුම අවුරුදු 10කින් අඩු කරගන්න බැරි වෙන එකක් නැහැ.

මුහුණට වාෂ්ප ඇල්ලීම
මුහුණට තරුණ පෙනුමක් ගෙන දෙන සත්කාරයක් හැටියට වාෂ්ප ඇල්ලීම නැතහොත් දුම් ඇල්ලීම සඳහන් කරන්නට පුළුවන්. සුදු හඳුන්, වැල් මී, දොඩම් ලෙලි, වෙනිවැල්, කොහොඹ කොළ වැනි ඖෂධීය ද‍්‍රව්‍ය මිටක් හෝ දෙකක් ගෙන වතුර පයින්ට් 1කට මිශ‍්‍රකර තම්බා ගැනීමෙන් පිටවන වාෂ්පයට මුහුණ ඇල්ලීම තමයි මේ සත්කාරයේදි වෙන්නෙ. වතුර මුට්ටියේ සිට අඩියක් හෝ අඩි එකහමාරක් පමණ දුරින් මුහුණ යොමුකළ යුතුයි.

මෙහිදී වඩාත්ම සුදුසු ක‍්‍රමය වන්නේ මූඩියකින් වසන ලද මුට්ටියක මෙම ද‍්‍රව්‍ය තම්බා යෝග්‍ය ස්ථානයක තැබීමෙන් අනතුරුව මූඩිය ඉවත්කළ විට පිටවන වාෂ්පයට මුහුණ ඇල්ලීමයි. දුම් ඇල්ලීමේදී එය ආවරණය කිරීම සඳහා තුවායක් වැනි රෙද්දක් භාවිත කළොත් ප‍්‍රතිඵලය වඩාත් ඉහළයි.

දුම් ඇල්ලීමෙන් සමේ පවතින අපවිත‍්‍ර ද‍්‍රව්‍ය ඉවත්වෙනවා. එයට හොඳ රුධිර සම්පාදනයක්ද ලැබෙනවා. මෙහිදී සමේ සිදුරු හොඳින් විවෘත වන නිසා පසුව යොදන ඖෂධ සමට උරාගැනීමට හොඳින් ඉඩකඩ ලැබෙනවා.

මෙම ප‍්‍රතිකාරය දිනපතා සිදුකිරීම නුසුදුසු වන්නේ මෙමගින් සම වියළීම සිදුවන නිසයි. වඩාත් යෝග්‍ය වන්නේ දුම් ඇල්ලීම සතියකට වරක් කිරීමය

මසාජ් එකක් කරමු
සම්බාහනයක් මගින් සමට හොඳ ඇදෙනසුළු ගතියකුත්, දීප්තියකුත් ලබාගැනීමට හැකිවෙනවා. එමගින් ලේ ගමනාගමනය හොඳ වන නිසා මුහුණේ කලූ ලප, පැල්ලම් මැකී යනවා. සාමාන්‍යයෙන් සම්භාහනයේදී මඳ උණුසුම් තෙල් වර්ගයක් භාවිත කළ හැකියි. නැත්නම් ලිහිසිකාරකයක් වශයෙන් හොඳ ක‍්‍රීම් වර්ගයක් පාවිච්චි කාරන්න පුළුවන්. අත්වල ඇ`ගිලි තුඩුවලින් තමයි සම්බාහනය කරගත යුතු වෙන්නේ. පළමුව නිකට මැද ප‍්‍රදේශයෙන් තමයි සම්බාහනය ආරම්භ කරන්නේ. ඉන්පසුව ක‍්‍රමයෙන් මුහුණේ ඉහළ ප‍්‍රදේශය සම්භාහනය කළ යුතුයි. සම්භාහනයේදී ඇ`ගිලි තුඩු දක්ෂිණවර්තව රවුමට චලනය කළ යුතු වෙනවා.

ඕනෑවට වඩා තදින් නිතර මුහුණ සම්බාහනය කළොත් නම් සම ඇදෙන්නට පුලූවන්. මේ නිසා සම්බාහනය කියන්නේ පරිස්සමින් කළ යුතු ප‍්‍රතිකාරයක් බව මතක තියා ගන්න.

ආයුර්වේද පැක් එකක්
මුහුණේ සමට පෝෂණය ලබාදීම වගේම ලපකැළල් සහ කුරුලෑ ඉවත් වීමටත් උදවු කරන්න පැක් එකකට පුලූවන්. හැබැයි සමට යොදන පැක් එකේ අමුද‍්‍රව්‍ය තීරණය කළ යුත්තේ සමේ ස්වභාවය ගැන හරියටම දැනගෙනයි.

තෙල් සහිත කුරුලෑ සහිත සමකට නම් පැක් එකක් හදද්දී කිරි, අලිපේර, යෝගට්, එළ`ගිතෙල් වැනි ද්‍රව්‍ය එකතු කරගන්න නරකයි.

සාමාන්‍යයෙන් පැක් ආලේපනයක් විනාඩි 20ක පමණ උපරිම කාලයක් මුහුණේ ආලේප කරගෙන සිටිය යුතු අතර පසුව සිසිල් ජලයෙන් සෝදා හරිනු ලබනවා.

සාමාන්‍ය හා වියළි සමට මැටි, කෝමාරිකා යුෂ, බිත්තර සුදුමදය, මී පැණි එක්කර සාදාගත් තලපයක් ගුණදායකයි. මුහුණේ ආලේප කරන මැටි වර්ග රූපලාවණ්‍ය බඩු අලෙවි කරන වෙළඳසල්වලින් මිලදී ගන්න පුළුවන්. යකඩ, මැග්නීසියම්, සින්ක්, පොටෑසියම්, කැල්සියම් ආදිය එකතු කර සකස් කර ඇති මැටි මුහුණ සිසිලනය කරනවා. මැටි සොයාගැනීමට අපහසු නම් ඒ වෙනුවට ආදේශකයක් හැටියට වෙනිවැල්ගැට කුඩු ඉහත පැක් එකට එකතු කරන්න පුලූවන්.

තෙල් සහිත සමට මැටි, මී පැණි, කෝමාරිකා යුෂ, දෙහි යුෂ එක්කර සාදාගත් තලපයක් හා මේරූ වැඩිහිටියෙකුගේ සමට මැටි, මී පැණි කෝමාරිකා යුෂ, විටමින් ඊ ස්වල්පයක් එකතු කරමින් සාදාගත් තලපයක්ද ආලේපය සඳහා සුදුසුයි.
විනාඩි 20ක් පමණ මුහුණේ මේ ආලේපන ගල්වාගෙන සිට ඇල්වතුරෙන් සෝදා තවත් ටික වෙලාවකින් අයිස් වතුර ටිකකින් මුහුණ සේදීමෙන් සත්කාරය අවසන් කරන්නට පුළුවන්.

හොඳ පැවතුම් නිසා වෙන්නේ හොඳක්මයි
සත්කාර මගින් මුහුණ ප‍්‍රසන්න වෙනවා වගේම එය දිගුකලක් පවත්වා ගැනීමට නිවැරදි ඇවතුම් පැවතුම් අවශ්‍ය වෙනවා.

විශේෂයෙන්ම මුහුණ විලි, විෂබීජ ඉතා ඉක්මනින් රැුදෙන තැනක්. මුහුණ අතගෑමෙන් දෙඅත් වල ඇති විෂබීජ මුහුණට එකතු වෙනවා. තවද කුරුලෑ නියපොතු වලින් කැඞීම නිසා ලප කැලැල් ඇතිවෙනවා. මේ සියල්ල මුහුණේ අවලස්සනට හේතුවෙනවා. කාන්තාවන් බොහෝ දෙනෙක් කොණ්ඩය දිගට වවලයි ඉන්නේ. ඔබ නොහිතුවාට කොණ්ඩය කියන්නේ
¥විලි බොහෝසෙයින් එකතු වෙන තැනක්. ඒ නිසා හොඳට ස්නානය කරලා, කොණ්ඩය පිරිසිදුව තබා ගත යුතු වෙනවා වගේම හැකි හැම විටම කොණ්ඩය මුහුණේ ගෑවීම අවම කරන්නටත් වුවමනා වෙනවා..

ඒ වගේම මුහුණ පිසින්න පුද්ගලික පිරිසිදු තුවායක් හෝ රෙදිකඩක් භාවිත කිරීමෙනුත් මුහුණේ සම ආරක්ෂා කරගන්න පුළුවන්. සම ලස්සන වෙන්න නිවැරදි පැය 6කට වැඩි නින්ද වුවමනායි. හොදට වතුර බොන්නත් වුවමනායි.

මේ පැවතුම් සහ සත්කාර කල්පනාකාරීව කළොත් ඔබේ පෙනුම මාසයක් ඇතුළත අවුරුදු 10කින් ආපස්සට යනවා සිකුරුයි.

සඳමාලි වර්ණසූරිය
© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.