වෙබ් අඩවි තළු මරපු දසුන්ගේ මංගල ඡායරූපයේ ඇත්ත හෙළි වෙයි

දසුන් අවසන් ගමන් ගියේ කතා කරන්න මාතෘකා ගොඩක් ඉතුරු කරලා. දසුන්ගේ වියෝවත් එක්ක දසුන්ගෙයි බුවිනිගෙයි මංගල ඡුායාරූපත් අන්තර්ජාලයේ සහ වෙබ් අඩවිවල සැරිසරන්න ගත්තේ තවත් අලූ‍ත් කතාවක් ගොතමින්?
දසුන් කියන්නෙ ක්‍ෂේත‍්‍රයේ මගේ හොඳ යාළුවෙක්. අපි නිර්මාණ කීපයකදීම මුණ ගැහිලා තියනවා. දසුන්ගෙ හදිසි වියෝව යාළුවෝ වුණ අපි කාටත් කම්පනයක් වුණා. තවමත් අපි ඉන්නේ ඒ කම්පනයෙන්. ඒ වියෝ දුකින්. ඒ අතරේ තමයි දසුන් සහ මම පෙනී හිටපු වෙඩින් ෆොටෝස් වගයක් අන්තර්ජාලයට එක් කරලා අනවශ්‍ය කතාවක් ගොතලා තිබුණේ.

ඇත්තටම මේ පින්තූරවල නිධාන කතාව මොකක්ද?
ගාල්ලෙ රූපලාවන්‍ය ශිල්පිනියක් දසුන්ගෙයි මගෙයි වෙඩින් ෆොටෝ ෂූට් එකක් කළා. ඒක වෘත්තීමය වශයෙන් අපිට මුදල් ගෙවීමක් කරලා කරපු ෂූට් එකක්. ඒ දවස්වලම එ් ෆොටෝස් ඒ අය අන්තර්ජාලයට මුදා හැරියා.

ආයෙමත් ඒ පින්තූරවලට පණ ආවේ දසුන්ගේ වියෝවත් එක්ක?
ඔව්. ඇත්තටම ඒක මිය ගිය දසුන්ට වගේම ජීවත් වෙලා ඉන්න එයාගෙ බිරිඳට, මට අපහාසයක්. ඒ පින්තූරත් එක්ක ඔවුන් ලියලා තිබුණේ මම ඔහුගේ බිරිඳ විදියට ඇඟවෙන්න. මොනවා හරි බාල උපක‍්‍රමයකින් තමන්ගේ වෙබ් අඩවිය, පේජ් එක ජනප‍්‍රිය කරගන්න ඒ අය තවත් අයගේ පෞද්ගලික ජීවිත විනාශ කරනවා. ඒ ගැන නම් මට තියෙන්නේ කලකිරීමක්.

දසුන්ගේ පෙම්වතිය නිළියක් වුණාට බිරිඳ නිළියක් නෙමෙයි කියලා මාධ්‍යයේ පළවුණානේ. දැන් එතකොට බුවිනි නිළියක් කියලා ඔය පෝස්ට් හදපු අය ඒවා පළකරපු වෙබ් අඩවිවල අය දන්නේ නැද්ද?
මටත් ඒක ප‍්‍රශ්නයක්. මම මහා ජනප‍්‍රිය නිළියක් නෙමෙයි. හැමෝම මාව දන්නේ නෑ. ඒත් ටික දෙනෙක් හරි දන්නවානේ. ඒකෙන් එක දෙයක් තේරෙනවා. කිසිම වගකීමක් නැති උදවිය තමයි ඔය වෙබ් අඩවි කරන්නේ. ඒ අයට නිවැරදි තොරතුරු වාර්තා කරන්න අවශ්‍ය නෑ. කුණු ගොඩක් නම් බොරුවක් වුණත් ගොතලා දානවා.

බුවිනි දසුන්ගෙ බිරිඳව අඳුනනවාද?
නෑ. මම දසුන් විවාහකයි කියලා දන්නෙත් නෑ.

එතකොට ශලනි දසුන්ගෙ පෙම්වතිය කියලා?
ඒත් නෑ. අනිත් අය වගේ මමත් ඒක දැන ගත්තේ දසුන්ගෙ වියෝවත් එක්ක.

බුවිනිත් පෙම්වතියක්නේ?
ඔව්. මම පෙම්වතියක්

දසුන්ගෙයි ඔබගෙයි පෝස්ට් අන්තර්ජාලයේ සැරිසරන එක ඔබේ පෙම්වතාට ප‍්‍රශ්නයක් නෙමෙයිද?
එයා තමයි මටත් මුලින්ම ඒවා දැකලා පෙන්නුවේ. ඒක පදනමක් නැති කතාවක් කියලා ඔහු දන්නවා. තමන්ගේ පෙම්වතිය තව කෙනෙක්ගෙ බිරිඳ කියලා කතන්දරයක් යනවට කවුද කැමති. ඒත් ඔහු මාව වගේම, ‍මේ රටේ ඕපදූප මාධ්‍ය ගැනත් තේරුම් අරන් ඉන්නේ. එහෙම නොවුණා නම් මගේ ආදරයටත් කණකොකා හඬන්න ඉඩ තිබුණා.

හිමේෂා සවන්ති රාජපක්ෂ
© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.