2017 ඔක්. 15 සිට 21 දක්වා සතියේ ලග්න පලාපල

 
මේෂ – වියදම් ඉහළ යයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී අන්‍යයන් සමග කටයුතු කිරීමේ දී ප්‍රවේශම් විය යුතුයි. කල්පනාකාරී විය යුතුයි. ආර්ථික වශයෙන් ලැබිම් අංශය අයහපත් නොවේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික ලාභ ලබයි. නමුත් ඔබට වියදම් පක්ෂය පාලනය කරගැනීම අසීරු වේ. අනපේක්ෂිත සිද්ධීන් පැමිණීම තුළ මුදල් වියදම් අධික වේ. ගෙදරදොර කටයුතුවල දී බුද්ධිමත් වන්න. විටින් විට සමගියට හා සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. ආගම ධර්මයට නැඹුරුවක් පෙන්වයි. ඒ තුළ සහනය ද සැනසීම ද ලබා ගනී. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ අභිවෘද්ධියක්, දියුණුවක් ලැබිය හැක. කෙටි ගමන් කිහිපයක්ම යෙදේ.
ජය වර්ණය- රතු, ජය අංකය- 09

වෘෂභ – හවුල් කටයුතු අවුල්
හවුල් කටයුතු කරගෙන යාමේ දී තවදුරටත් අවුල් සහගත තත්ත්වයක් උදා කරනු ඇත. එම නිසා හැම කටයුත්තකදීම ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. වෘත්තීය සහ රැකීරක්ෂා අංශයේ දී යම් යම් බාධා අවහිරතා ඇති කළ හැක. මිල මුදල් ලැබිම අතින් අයහපත් නොවේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ලාභ ලබයි. ගෙදරදොර කටයුතුවල දී විශේෂයෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යාමේ දී ඉවසිලිමත් විය යුතුයි. ව්‍යාකූලතා සහ ආකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ දියුණුවක් ලබාගත හැක. ආගමික සහ සමාජයීය අංශවලට නැඹුරු වේ.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

මිථුන – අවිවාහකයන්ට මංගල යෝජනා
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වේ. අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු ලෙහෙසියෙන් ද පහසුවෙන් ද ඉටුකරගත හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි උදාකරගත හැක. වෙළෙඳ ව්‍යාපාරික අංශයේ යෙදී සිටින අයට වාසි ගෙන දේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු කෙරේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන ක්‍ෂේත්‍රවල නියුක්ත අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වනු ඇත. කරන කියන කටයුතුවලින් දියුණුවට මං සැලසේ. සුදුසු වයසේ අයට මංගල යෝජනා උදා කරයි. ගමන්බිමන් කිහිපයක්ම යෙදෙනු ඇත.
ජය වර්ණය- කොළ, ජය අංකය- 05

කටක – බාධා මැඬගනී
කලින් තිබුණ තත්ත්වයට වඩා කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ යෙදී සිටින අයට තරමක වාසි සහගත තත්ත්වයක් ඇති වේ. බලා‍පොරොත්තු කිහිපයක් ඉෂ්ට සිද්ධ වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී බාධා අවහිරතා ඇතත් ඒවා මැඬපවත්වාගෙන තමාගේ කටයුතු සාර්ථක කර ගනී. ආර්ථික වශයෙන් යහපත් බවක් පෙන්නුව ද මිල මුදල් ඉතුරුකර ගැනීමට නම් අසීරුවේ. බලා සිටියදීම වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී යහපත් වේ. සමගිය සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.
ජය වර්ණය- ක්‍රීම් පාට, ජය අංකය- 02

සිංහ – ආර්ථික වාසි
නිතර නිතර සුළු ගමන් යෙදේ. ඒවායින් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ද උදා කර ගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වුව ද ඒවා මැඬපවත්වාගෙන තම කටයුතු සිදු කළ හැක. ආර්ථික සහ මූල්‍ය ලාභ ඇති කරයි. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ගෙන දේ. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත් වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අය ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැක. සමාජීය කටයුතුවලට හිත ඇදී යයි. ඒ තුළින් කිසියම් සහනයක් ලබා ගනී. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් විය යුතුයි. විටෙක සංකීර්ණ රෝගාදියට ඉඩ පවතී. කෙටි ගමන්බිමන් කිහිපයක් යෙදේ.
ජය වර්ණය- රතු, ජය අංකය- 01

කන්‍යා – සුවිශේෂ සිදුවීම්
මුළු ජීවිතයටම අමතක නොවන වැදගත් කරුණු රාශියක් සිදු වේ. තම තත්ත්වය උසස් කර ගැනීමට අමුතු ඉගෙනීම් ආරම්භ වේ. අලුත් වැඩකටයුතු ආරම්භ කරයි. උසස් අය ද, පහත් අය ද නොයෙක් තරාතිරම්වල අය ද වරින් වර ආශ්‍රය කිරීමට සිදු වේ. ආර්ථික වශයෙන් ශුභදායකයි. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි උපයා ගනී. විටෙක තමාගේ මතයට අනුකූලවම ක්‍රියා කරන අතර ඒ තුළ විටෙක බාධා ප්‍රමාදතාවන් ද ඉස්මතු කළ හැක. ගෙදරදොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් අධ්‍යයනය කිරීමට ඉඩ ලැබේ. ගමන්බිමන් කිහිපයක්ම යෙදේ. ආගමික අංශයට නැඹුරුවීම තුළ සහනයක් සැනසීමක් ලබයි.
ජය වර්ණය- කොළ, ජය අංකය- 05

තුලා – වෙළෙඳාමන් ජය
තමාගේ කටයුතුවල වෙනස්කම් කිහිපයක්ම සිදු වේ. සමහරක් වැඩ ගැන තමාගේම අයගේ අප්‍රසාදය මතු කළ හැක. සතුරන්, වෛරක්කාරයන් ඇතිවිය හැක. වෘත්තීය වශයෙන් අයහපත් නැත. කෙසේ වුවත් තමා අනුගමනය කරන පිරිසක් ද ඇති වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වාසි ගෙනදේ. තම නිදහස බලා ස්වේච්ඡාවෙන්ම ක්‍රියා කරනු ඇත. මහජනයා සමග කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. ආශ්‍රය කළ පිරිසෙන් කිහිප දෙනකු හෝ ඉවත්වීමක් පෙන්වයි. හදිසි වෙනස්කම් කිහිපයකටම හිත යොමු වේ. වැඩපිළිවෙළවල් ගැන අලුත් සැලසුම් කිහිපයක්ම සකස් වේ. ගමන්බිමන් කිහිපයක්ම යෙදේ. සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

වෘශ්චික – ආදායම සරුයි වියදම වැඩියි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගනී. ඒ සම්බන්ධ සැලසුම් කිහිපයක්ම යොදා ගනී. විටෙක හිතුවක්කාරී ලෙස ක්‍රියා කරයි. ඒ තුළින් පවු‍ලේ අය අතර ගැටුම්කාරී, ගැටලුකාරී තත්ත්වයන් උදා කළ හැකි බැවින් ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. මිල මුදල් ලැබිම අතින් අයහපත් නොවේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි උදා කරගනු ඇත. මුදල් ලැබුණ ද වියදම් පක්ෂය ද ඉහළ යයි. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට ශුභදායකයි. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. සමාජීය සහ ආගමික අංශයට නැඹුරු වේ. ඒ තුළින් සාර්ථක ප්‍රතිඵලයක් ද ලබයි. ගමන්බිමන් කිහිපයක්ම යෙදේ.
ජය වර්ණය- රතු, ජය අංකය- 09

ධනු – උත්සාහයෙන් සාර්ථකත්වය
මිල මුදල් ලැබිම අතින් සාමාන්‍ය ආදායමක් ලබා ගනී. තම උත්සාහය වැඩි වූ තරමටම සාර්ථක ප්‍රතිඵල ලබයි. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. ඉඩකඩම් සම්බන්ධ කටයුතුවල දී කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී උත්සාහය සහ කැපවීම අවශ්‍යයි. ඒ තුළින් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට කරගනී. දරුවන්ගේ කටයුතු යහපත්ය. නමුත් කේළාම් ඕපාදූපවලට ලක්විය හැකි නිසා සමාජීය කටයුතුවල දී ප්‍රවේශම් විය යුතුයි. අධ්‍යාපන අංශවල නියුක්ත අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.
ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03

මකර – දියුණුවක් ලබයි
තමාගේ තත්ත්වය කිසියම් මට්ටමකට උසස් වේ. භාරගෙන හෝ පටන් ගෙන ඇති කටයුතු දියුණු කර ගැනීමට අන්‍යයන්ගේ ආධාරය ලැබේ. අන්‍යයන්ගේ ගෞරවය, සැලකිල්ලට ලක් වේ. බර වැඩකටයුතු පටන් ගැනීමට ද හොඳ සතියකි. සතුරු කරදර බාධා ඉස්මතු වුව ද ඒවා මැඬපවත්වාගෙන ක්‍රියා කරනු ඇත. තම තත්ත්වයේ උසස්වීම් ලැබෙනු ඇත. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ආර්ථික තත්ත්වයක් උදා කරයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. පී්‍රතිය සහ සැනසීමට ද කටයුතු කිහිපයක්ම යෙදේ. අධ්‍යාපන කේෂ්ත්‍රයේ යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. දුරබැහැර ගමන්බිමන් කිහිපයක්ම යෙදේ.
ජය වර්ණය- නිල්, ජය අංකය- 08

කුම්භ – විදේශගතවීමට ඉඩ
ඉගෙනීමේ යෙදී සිටින අයට ඒ තුළ ආශාව වැඩි වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. තම තත්ත්වයෙහි කිසියම් සාර්ථක බවක් ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙනදේ. අලුත් කටයුතු කිහිපයක් උදෙසා සැලසුම් කිහිපයක්ම යෙදෙනු ඇත. ගෙදරදොර කටයුතුවල දී සමගියට සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අලුත් හිත මිත්‍රයන් කිහිප දෙනකුගේම ආශ්‍රය ලැබේ. කරන කියන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. විදේශගතවීම්වලට ඉඩ සලසාගත හැක.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

මීන – වෘත්තීය කටයුතුවලට බාධා
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කරයි. එම නිසා කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ඒ තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. ආර්ථික වශයෙන් මධ්‍යස්ථයි. ආදායම් ලැබුණ ද වියදම් පාලනය කිරීම අසීරුයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. ගෙදරදොර කටයුතුවල දී ද ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා මතු කළ හැක. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ගමන්බිමන් කිහිපයක්ම යෙදේ.
ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03

ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී
ජී.ඇම්. ගුණපාල

© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.