බිරිඳට හෝ සැමියාට කවදාවත් නොකිවයුතු දේවල්


විවාහය කියන්නේ හැ`ගීම් සමග කරන ගනුදෙනුවක්. ඒ ගනුදෙනුවේදී විවාහක යුවළ වචන පාවිච්චි කළ යුත්තේ කල්පනාකාරීවයි. ඇතැම්විට නොහිතා කියන එක වචනයක් නිසා ජීවිත කාලයක් පුරා දෙදෙනෙක් විරසක ව පවුල් කන්නටත් පුළුවන්. මෙන්න මේ නිසා කීර්තිමත් මනෝවිද්‍යාඥ මයිකල් ලිලිබ‍්‍රිජ් කිසියම් පුද්ගලයෙක් තමාගේ සහකරුට හෝ සහකාරියට නොකිව යුතු දේවල් මොනවාදැයි යන්න ගැන පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. විවාහක යුවළ සිය ගණනක් සමග කතා බස් කිරීමෙන් අනතුරුව ඔහු මේ කරුණු ලොවට අනාවරණය කළා.කවදාවත් ඔබේ බිරිඳට හෝ සැමියාට මේ වදන් කියන්න එපා.

1 ඕක මම කලින් කිව්වා
විවාහය ඇතුළේ දෙදෙනාගෙන් එක්කෙනෙක් විතරක් හැමවිටම උසස් වෙන්නේ නැහැ. දෙදෙනාම යම් යම් පැතිවලින් අනෙකාට වඩා ඉහළ බව දෙදෙනාම කල්පනා කළ යුතුයි. මේ නිසාම එක්කෙනෙක් සියල්ලට උපදෙස් දෙන්න යාම සුදුසු නැහැ. විශේෂයෙන්ම යමක් වැරදීම ගැන කනගාටුවෙන් සිටින කෙනෙකුට … ඕක මම කලින් කිව්වා.. වැනි වදන් පැවසීමෙන් වෙන්නේ ඒ හිත තවත් පෑරීම විතරයි.

2 මම වගේ මෝඩයෙක්..
විනෝදයට හෝ තමන් තමන්ව මෝඩයෙක් හැටියට හැඳින්වීමෙන් සිද්ධ වෙන්නේ එය ඔබ දෙදෙනා අතර ඒකමතිකයක් බවට පත්වීමයි. නිතර නිතර කියන වදන් හැබෑ එ්වා ලෙස පිළිගැනීමට ලක්වෙන බව අමතක කරන්න එපා.

3 ඔයත් ඔයාගෙ ගෙදර අය වගේ තමා..
මේ වාක්‍යය ඇතුළේ කාරණා දෙකක් කියැවෙනවා. එකක් තමන්ගේ සහකරුගේ දුර්වලතාවක් ඇති බව. අනික ඔහුගේ හෝ ඇයගේ ගෙදර අයටත් ඔබ වෛර කරනා බව.. රුධිරය වතුරට වඩා ගණකම යැයි ඉංග‍්‍රීසි කියමනක් තිබෙනවා. එයින් කියවෙන්නේ මොන අඩුපාඩු තිබුණත් ඕනෑම කෙනෙක් තමාගේ ලේ නෑයන්ට ආදරය කරන බවයි. ඉතින් ඔබ සිය නෑදෑයන් පිළිකුල් කරන බව හිතුනොත් ඔහු හෝ ඇය ඔබට සියුම් ලෙස වෛර කරන්නට පටන් ගන්නවාමයි.

4 ඔයා ඒ කාලෙ නම් ලස්සනයි
ගැහැනියක් වුණත් පිරිමියෙක් වුණත් තමන්ගේ බාහිර පෙනුම ගැන අනිවාර්යයෙන් කල්පනා කරනවා. ඔයා ඒ කාලේ නම් ලස්සනයි වැනි වදනකින් කියවෙන්නේ ඔයා දැන් නම් ලස්සන මදි වැනි අදහසක්. තමන්ට ඇත්තටම ආදරය කරන කෙනෙක් එවැනි අදහසක් ඔළුවට ඇතුළු කළ විට එය බරපතළ ලෙස පුද්ගලයෙකුගේ පෞරුෂයට බලපෑම් කරනවා. ඒ නිසා පෙනුම ගැන කතා කරද්දී සියුම් ලෙස කල්පනා කරන්න. මානසිකව බිඳ වැටෙන අදහස් කාගේවත් ඔළුවට ඇතුළු කරන්න එපා.
ඔයා මේ දේවල් කළොත් හු`ගක්ම ලස්සන වේවි..වැනි ධනාත්මක අදහසකින් ඔය කාරණාව සහකරුට හෝ සහකාරියට පවසන්න ඔබට පුළුවන්.

5 මට ආදරේ නැද්ද?
ඇතැම් අය ස්වභාවයෙන්ම ආදරය වචනයෙන් නිතර නිතර කියන්නට අකමැති නිසා එහෙම කෙනෙකුගෙන් නිතර මේ ප‍්‍රශ්නය ඇහුවොත් ඇතැම්විට ඔහුට හෝ ඇයට එය හිසරදයක් වෙන්නත් පුළුවන්.
හැබැයි ඔබ ආදරේ ගැන අහන්නට බලාපොරොත්තු තියාගන්නේ නැතිව, තමන් ආදරේ බව නිතර තමන්ගේ සහකරුට හෝ සහකාරියට කනට කර කියන්න පුරුදු වෙන්න. එය බැඳීම් තව තව ශක්තිමත් කරවනවා සහතිකයි.

6 ඔන්න කාටවත් කියන්න බෑ හොඳේ..
මෙසේ කීමෙන් සුළු හෝ සැකයක් ඇති බවක් ඇ`ගවෙනවා. මේ නිසා දෙදෙනාටම විතරක් වුණු රහස් සන්නිවේදනය කිරීමට වෙනත් විධි, වෙනත් වචන පාවිච්චි කරන්න. ඔබ ඔහු හෝ ඇයව අතිශයින් විශ්වාස කරන බව අ`ගවනවිට කවදාවත් ඔහුට හෝ ඇයට ඒ විශ්වාසය කඩකරන්නට බැරිව යනවා නියතයි.

සඳමාලි වර්ණසූරිය

© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.