ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබට කොහොමද?
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම හෙවත් අලුත් අවුරුදු උදාව 2018 අප්‍රේල් මස 14 වැනි ශනි දින ලංකා සම්මත ඔරලෝසු වේලාවෙන් උදේ 8.13ට සිදු වේ. මෙම අවස්ථාවේ වෘෂභ ලග්නය උදාව පවතී. තිරසර පංචාංග ලිත පරිදි ලග්න ස්ඵුටය වෘෂභ 03ං-27ං වේ. ලග්න නක්ෂත්රය කැති වන අතර චන්ද්‍ර නක්ෂත්රය උත්‍රපුටුප වේ. මෙම උදාවේදී නක්ෂත්රාධිපති රවි 12 වැන්නේද චන්ද්‍ර නක්ෂත්රාධිපති ශනි 8 වැන්නේ ද සිටී. විෂ්ණු විංශතියට අයත් විලම්භ සංවත්සරය ලෙස හැඳින්වෙන මෙම වසරේ එහි ප්‍රතිඵලයක් ලෙස පොතපතේ දැක්වෙනුයේ ලෝකයට සාපේක්ෂව රට රාජ්‍යයන් අතර යුද්ධ ඇතිවන බවත් වැසි ජලයෙන් හානි වන බවත් නොයෙකුත් රෝග පීඩාවන්ට ලක්වන බවත්ය. සෙනසුරු හා කුජ යන ෙනෙසර්ගික පාපයෝ අටවැන්නේ සිටීම එතරම් යහපත් යැයි කිව නොහැක.